ලබන මස මෙරට පැවැත්වෙන නිදහස් කුසලාන විස්සයි20 තුන්කොන් ක්රිකට් තරගාවලියට නම් කළ ඉන්දී්ය පිලේ නායක විරාත් කෝලි ඇතුළු ක්රීඩකයන් 6 දෙනකු විවේක ගැන්වීමට ඉන්දීය තේරීම් කමිටුව පියවර ගෙන ඇත. ඒ අනුව නායක විරාත් කෝලි, මහේන්ද්ර සිං දෝනි, හර්දික් පාන්ඩ්යා, කුල්දීප් යාදෙව්, බුවනේෂ්වර් කුමාර් සහ ජස්ප්රිට් බුම්රා තරගාවලියට සහභාගි නොවෙති.
දීර්ඝ තරගවාරයකට ක්රීඩා කළ බැවින් කණ්ඩායමේ ජ්යෙෂ්ඨ ක්රීඩකයන්ට විවේකයක් අවශ්ය බව එරට ක්රිකට් පාලක මණ්ඩලය පවසයි. නිදහස් කුසලාන තරගාවලියට සහභාගි වන ඉන්දීය පිලේ නායකයා ලෙස රෝහිත් ෂර්මා නම් කර ඇති අතර ශිකර් ධවාන් උපනායකත්වයට පත් කර තිබේ.
ජ්යෙෂ්ඨ ක්රීඩකයන් වෙනුවට නවක ක්රීඩකයන් වන වොෂින්ටන් සුන්දර්, දීපාක් හූඩා, මොහොමඩ් සිරාජ්, විජේ ශන්කර් සහ රිෂාබ් පාන්ට් කණ්ඩායමට ඇතුළත්වී සිටිති.
ඉන්දීය කණ්ඩායම මෙසේය. රෝහිත් ෂර්මා (නායක), ශිකර් ධවාන් (උපනායක), ලෝකේෂ් රාහුල්, සුරේෂ් රයිනා, මනිෂ් පාන්ඩේ, දිනේෂ් කාර්තික්, දීපාක් හූඩා, වොෂිංටන් සුන්දර්, යුස්වෙන්දර් චාහල්, අක්සාර් පටේල්, විජේ ශංකර්, ශර්දුල් ටාකුර්, ජේදේව් උනඩ්කර්, මොහොමඩ් සිරාජ්, රිෂාබ් පාන්ට්.


0 Comments