
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගම සමග එක්ව සංවිධාන කරන අන්තර් පාසල් අවුරුදු 13න් පහළ දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ගලහිටියාව මධ්‍ය විද්‍යාලය සහ යාපනය සාන්ත ජොන්ස් විදුහල අතර අද (26) කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
එසද සිතුම්ගේ නායකත්වයෙන් හා රුනාද සෙනුමිකගේ උප නායකත්වයෙන් ගලහිටියාව මධ්‍ය විදුහල අද තරගයට එක්වන අතර සාන්ත ජෝන්ස් විදුහල මෙහෙයවන්නේ ඇන්ටන් අභිෂේක් විසිනි. කණ්ඩායමේ උප නායකයා ලෙස කේ.සබිසන් කටයුතු කරයි.
ගලහිටියාව මධ්‍ය විදුහල විසින් වත්තල සාන්ත ජෝශප් විදුහල අර්ධ අවසන් පූර්ව වටයට පෙර වටයේදී පරාජයට පත්කළ අතර අර්ධ අවසන් පූර්ව තරගයේදී කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහලද, අවසන් පූර්ව තරගයේදී හේනේගම මහ විදුහලද පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
මහනුවර ත්‍රිත්ව විදුහල් බී පිල අර්ධ අවසන් පූර්ව වටයට පෙර වටයේදී පරාජය කළ යාපනය සාන්ත ජෝන්ස් ක්‍රීඩකයෝ අර්ධ අවසන් පූර්ව තරගයේදී කොළඹ රාජකීය විදුහල් බී පිලද, අවසන් පූර්ව තරගයේදී කොළඹ මහානාම විදුහල් බී ලද පිලද පරාජය කරමින් අවසන් තරගයට එක්විය.
ගලහිටියාව කණ්ඩායම: එසද සිතුම් (නායක), රුනද චෙනුමික (උප නායක), සනුක පියුමත්, ප්‍රමෝද් ලක්ෂාන්, ගවිඳු මහින්දාරායන, සබාන් මදුසංක, සකිත් සෙජිත, වතිල දම්හිරු, මෙත්සර මාලිංග, හේමාල් දෙව්මික, කාෂව ඉෂාන්. පසිඳු හේෂාන්, සංජුල නවෝද, සදූෂ පුන්සර, ආදිත්‍ය ඉඳුවර, කවිෂ නෙත්ෂර, දුවර ආදිත්‍ය, ඉලාෂ් සාරාංග, විශ්මිත් සචින්තම්, අරොමද් මිහිසර, දේශාන් ධම්ප්‍රිය, ඉදුවර ආදිත්‍ය, සංජුල නවෝද්‍ය
සාන්ත ජෝන්ස් කණ්ඩායම : ඇන්ටන් අභිෂේක් (නායක), කේ.සබිසන් (උප නායක), ජේ.අස්නාත්, ටී.සන්ගීදන්, කේ.ජනත්තන්, පී.නර්මිතන්, ඒ.සචින්, ඒ.කවින්සන්ස්, ජී.ස්මිත්, ඒ.පවින්තන්. එන්.යුකෙන්තිරන්, ඒ.එම්.ජෙරුන්, ඒ.කොනිලාවන්, වී.විනෝජන්. එන්.ඊබෙන්සර් ජසිල්, වයි.විදූෂන්, එම්.කින්තුෂාන්


0 Comments