Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හිරුනි විජේරත්නගෙන් අර්ධ මැරතන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

 

අමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ ඊයේ නිමාවට පත්වූ ජාත්‍යන්තර අර්ධ මැරතන් තරගයේදී ශ්‍රී ලංකාවේ හිරුනි විජේරත්න පැය 1: 14. 07කින් තරගය නිම කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කළාය.

ඒ අනුව වසර 2014දී ඇය විසින්ම පැය 1:17.34කින් පිහිටුවා තිබූ අර්ධ මැරතන් ශ්‍රී ලංකා වාර්තාව මකා දැමීමට සමත් වූවාය. හිරුනි ඇරිසෝනා ජාත්‍යන්තර අර්ධ මැරතන් තරගයේ පළමු ස්ථානය පත්වූ අතර දෙවැනි හා තෙවැනි ස්ථාන අමෙරිකාවේ මොලී ග්‍රැබීල් හා බ්‍රිටනී ෆීවෝ දිනා ගත්හ. හිරුනි විජේරත්න මෙයට මාසයකට පමණ පෙර සම්පූර්ණ මැරතන් තරගයකදී නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කිරීමට ද සමත් වූවාය. ඉදිරියේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය හා ආසියානු ක්‍රීඩා උළෙල වලදී වැඩි දස්කම් දැක්වීම හිරුනි විජේරත්නගේ බලාපොරොත්තුවකි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();