Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වකුගඩු රෝග කාරක සොයා බැලී‍මේ පර්යේෂණ මධ්‍යස්ථානයක් පිහිටුවන්න ඩො.බිලියන 2.5ක ආධාර

චීන රජයේ ආධාර යටතේ වකුගඩු රෝග කාරක සොයා බැලීම හා පර්යේෂණ කිරිම සඳහා රුපියල් බිලියන 2.5 ක මුදලින්, ජලය පිළිබද නවීන උසස් තාක්ෂණයෙන් යුත් පර්යේෂණාගාරයක් පිහිටුවීමට නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය කටයුතු සංවිධානය කර ඇත.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉදිකිරීමට යෝජිත මෙම වකුගඩු රෝග පිළිබද පර්යේෂණාගාරය ඇතුළු චීන රජයේ ආධාර යටතේ ක්‍රියා කරන අනෙකුත් පානීය ජල ව්‍යාපෘති පිළිබද සොයා බැලීමේ සාකච්ඡාවක් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

මෙම සාකච්ඡාවට චීන විද්‍යා ආයතනයේ මහාචාර්ය යුඅන්සොං වෙයින්ගේ ප්‍රධානත්වයෙන් චීන දූත පිරිසක් ද නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඒ.සි.එම්. නෆීල්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යධිකාරී තිලින එස්. විජේතුංග, එස්. විජේමාන්න ඇතුලු උසස් නිලධාරීහුද සහභාගී වූහ.

යෝජිත පර්යේෂණාගාරයේ ඉදිකිරීම් කටයුතු ලබන සැප්තැම්බර් මාසයේ ආරම්භ කරන අතර අවුරුදු දෙකක් ඇතුලත අවසන් කිරීමට ද නියමිතය. මෙම ව්‍යාපෘතිය අවසන් වීමත් සමගම වකුගඩු රෝග නිවාරණ පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥයන් මූලික කරගෙන පර්යේෂණ කටයුතු සිදු කෙරෙනු ඇත.

නවීන උසස් තාෂණයෙන් යුත් මෙම චීන විද්‍යා ආයතනය සමඟ ඇති කරගන්නා ලද දීර්ඝ කාලීන එකඟතාවයක් මත ඒකාබද්ධව කටයුතු කරන අතර, මූලික වශයෙන් මෙම ආයතනය, පාර්ලිමේන්තු පනතකට අනුකූල ස්වාධීන ආයතනයක් ලෙස අන්තර් ජාතික මට්ටමින් ක්‍රියාකරන පර්යේෂණ ආයතනයක් වශයෙන් කටයුතු කිරීමට මග සැලසේ.

කළුතර ප්‍ර‍දේශයේ නියඟ කාලයට පානීය ජලයට ලවණ මිශ්‍රවීමේ ප්‍රශ්නය පිළිබදව ද මේ සාකච්ඡාවේ දී අවධානයට යොමුවිය. ලවණ බාධක ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා චීන රජයේ ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස ඇමතිතුමා විසින් ඉල්ලීමක් ද කරන ලදී.පානීය ජලයට ලවණ ජලය මිශ්‍ර වීම නිසා පීඩාවට පත්වී සිටින වස්කඩුව, කළුතර, පයාගල, බේරුවල,අළුත්ගම,පාගොඩ දර්ගා නගරය සහ ඒ අවට ප්‍රදේශ ජනතාවට පිළිසරණක් වනු නොඅනුමානය.

මහ කොළඹ සංවර්ධනයත් සමඟ ඉදිවෙමින් පවතින මහාපරිමාණයේ නිවාස ව්‍යාපෘති සහ හෝටල් සංකීර්ණය සම්පූර්ණවීමත් සමඟ ඇතිවන ක්ෂණික අවශ්‍යතාවය පිරිමැහීමට අවශ්‍යවන ඝන මීටර් 50,000කින් යුත් ජල පවිත්‍රාගාරයක් අඹතලේ ජල සම්පාදන ක්‍රමය යටතේ ඉදිකිරීමට සැලසුම් කර ඇත.

තවද, මහ කොළඹ ප්‍රදේශයේ දීර්ඝ කාලීනව පැවැති ජල ප්‍රශ්න වලට විසදුමක් සදහා ඉදිකිරීමට යෝජිත මී ඔය ජලාශය සඳහා ශක්‍යතා වාර්තාව සැකසීම දැනටමත් “මහවැලි කන්ස්ට්‍රක්ෂන් බියුරෝ” හරහා සිදුකෙරෙමින් පවතී. මෙම ව්‍යාපෘතිය සඳහා ද චීන රජයේ ආධාර බලාපොරොත්තුවන බව ඇමතිතුමා විසින් දූත පිරිසට පෙන්වා දෙන ලදී.

මෙම ව්‍යාපෘතිය සඳහා ආධාර ලබාදීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව සාකච්ඡාව සඳහා සහභාගී වූ චීන තානාපති කාර්යාල නිලධාරියා විසින් මෙහිදී දන්වන ලදී.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();