Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මොළය විවෘත නොකර ආඝාත රෝගියාට විනාඩි 15කින් සාර්ථක සැත්කමක්

Author(s): 
සන්ධ්‍යා කරුණාරත්න

ආඝාතයට (Stroke) ලක් වූ රෝගියකුට ඉතිහාසයේ ප්‍රථම වතාවට මොළය විවෘත නොකර රජයේ රෝහලක සිදු කළ සැත්කම සාර්ථක වී ඇත.

කොළඹ ජාතික රෝහලේදි මෙම සැත්කම ඊයේ (27) සිදු කර ඇත්තේ විනාඩි 15 ක් වැනි ඉතා කෙටි කාලයකින් ය.

මොළයේ රුධිර කැටියක් සිර වීම නිසා ආඝාතයට ලක් වූ රෝගියා කොළඹ ජාතික රෝහලට ගෙන ඒමෙන් පසුව නව තාක්ෂණය භාවිතා කරමින් විනාඩි 15 ක් ඇතුළත කළ මෙම සැත්කම මඟින් රෝගියාගේ ජීවිතය බේරා ගන්නට හැකි වූ බව රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් පැවැසුවේය.

රෝගියා රෝහලට ඇතුළත් කැර පැය 8ක් ඇතුළත දී මේ සැත්කම සිදු කර ඇති අතර පාදයේ මහා ධමනිය ඔස්සේ මස්තිෂ්ක රුධිර නහරවලින් කැතීටර් එක ඇතුළු කිරීමෙන් අදාළ රුධිර කැටිය සොයා ගෙන සැත්කම සිදු කැර තිබේ.

නව තාක්ෂණයෙහි දියුණුව නිසා මොළය නොකපා රෝගියාගේ සැත්කම ඉතා සුළු වේලාවකින් සාර්ථක කැර ගැනීමට හැකි වී ඇති අතර මෙවැනි සැත්කමක් සිදු කිරීමට රජයේ රෝහලක් සතුව සම්පත් පැවතීම විශේෂත්වයකි. මේ සැත්කම පෞද්ගලික අංශයෙන් සිදු කෙළේ නම් රුපියල් මිලියන තුනක පමණ මුදලක් වැය වේ.

ආඝාතයට ලක් වූ රෝගියකුට සාමාන්‍යයෙන් සිදු කරනුයේ රුධිර කැටිය දිය වන තෙක් ඖෂධ ප්‍රතිකාර ලබාදීම වන අතර එමඟින් ඇතැම් විට රෝගියා අංශභාග තත්ත්වයට පත් වීම හෝ ජීවිතය අහිමි වීම පවා සිදු විය හැකිය. අත් පා පණ නැති වීම, කට ඇද වීම, වචන ගොත ගැසීම වැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් එය ආඝාත රෝග ලක්ෂණ විය හැකි අතර හැකි ඉක්මණින් රජයේ රෝහලක් වෙත යාමෙන් නිසි ප්‍රතිකාර ලබා ගත හැකිය.

ඉතිහාසගත වන මේ සැත්කම සිදු කළ වෛද්‍යවරුන් වනුයේ කොළඹ ජාතික රෝහලෙහි සේවය කරන මොළය හා රුධිර වාහිනී සම්බන්ධ විකිරණ විශේෂඥ වෛද්‍යවරුන් වන ප්‍රසාද් ද සිල්වා හා ප්‍රේමසිරි බණ්ඩාරනායක මහත්වරුන් ය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();