Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අගමැතිට විශ්වාස භංගයක් ගෙනාවොත් පරාජය කරන‍වා

Author(s): 
චමීර ඇල්ලදෙණිය

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව කවුරුන් හෝ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළහොත් එය පරාජය කරන බව පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා දිනමිණට ඊයේ (27) පැවසීය. පාලිත රංගබණ්ඩාර මහතාට කිසියම් හෝ ප්‍රශ්නයක් තිබෙනවා නම් එය පක්ෂය තුළ විසඳා ගත යුතු බවත් එය මාධ්‍ය ප්‍රකාශ කිරීමෙන් හෝ වෙනත් අයට ප්‍රකාශ කිරීමෙන් පළක් නොවන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

පවුලේ තිබෙන ප්‍රශ්න පවුල තුළ විසඳා ගත යුතු බව පෙන්වා දුන් අප්පුහාමි මහතා වෙනත් තැන්වල ප්‍රකාශ කිරීමෙන් එතුමා කර ඇත්තේ බරපතළ විනය විරෝධී ක්‍රියාවක් බවත් කියා සිටියේය.

මෙවැනි විනය විරෝධී ක්‍රියාවන්ට සහාය දැක්වීමට තමන් හෝ පසු පෙළ මන්ත්‍රීන් සූදානම් නොමැති බවද හෙත්ටර් අප්පුහාමී මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();