Ticker

6/recent/ticker-posts

Header Ads Widget

චමිල් කුරේ 14 වැනි වරටත් ජාතික කැරම් කිරුළ දිනයි

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධාන කළ ස්වර්ණ ජයන්ති ජාතික කැරම් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනා ගැනීමට කැරම් මේසයේ ආධිපත්‍ය පතුරුවා සිටින සෙලාන් බැංකුවේ චමිල් කුරේ සමත් විය.

ඔහු ජාතික කිරුළ දිනාගත් 14 වැනි අවස්ථාව මෙය වන අතර පිට පිට ජයගත් 6 වැනි අවස්ථාව වෙයි.

කෙළඹ ‘හිල්ටන් රෙසිඩන්ස්’ හිදී පැවැති තරගාවලියේ දී ජාතික කැරම් ශූරිය ලෙස 6 වැනි වරටත් කිරුළ දිනා ගැනීමට නාවික හමුදාවේ ජෝශප් රොෂිටා සමත් වූවාය.

ශ්‍රී ලංකා කැරම් සම්මේලනයට වසරක් 60ක් පිරීම හා ජාතික කැරම් ශූරතාවලියේ 50 වැනි ස්වර්ණ ජයන්ති නිමිත්තෙන් සංවිධාන කළ මේ තරගාවලියේදී කැරම් ඉතිහාසයේ ප්‍රථම වරට ජයග්‍රාහකයන් දෙදෙනාට මෙතෙක් ලබාදුන් විශාලම ත්‍යාග මුදල ලෙස රුපියල් ලක්ෂයක් බැගින් පිරිනැමීමද සිදු කෙරිණි.

තියුණු මුහුණවරක් ගත් පිරිමි කේවල අවසන් තරගයේදී චමිල් හමුවේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිශාන්ත ප්‍රනාන්දු වට 3-2කින් පරාජයට පත්විය. ලකුණු තත්ත්වය වුයේ 25/19, 15/25 හා 25/21කි.

රොෂිටා හමුවේ කාන්තා කේවල අවසන් මහ තරගයේදි පසුගිය වසරේ ශූරිය වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ යෂිකා රාහුබද්ධ වට 2-0කින් (25/0, 25/21) පරාජයට පත්වූවාය.

ජාතික ශූරතාව දිනූ චමිල්, තස්මිලා කාවින්දි සමග එක්ව අනාස් අහමඩ්/රෙබෙකා ඩැල්රින් යුගලය පරාජය කරමින් මිශ්‍ර යුගල ශූරතාව දිනා ගත්තෙ මෙවර තරගාවලියේ ද්විත්ව ශූරතාවන්ට හිමිකම් කියමිනි.

ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 350කගේ සහභාගිත්වයෙන් තරග ඉසව් 6ක් යටතේ පැවැති තරගාවලියේ මූලික වටයේ කොහුවල ශ්‍රී ලංකා කැරම් සම්මේලන මූලස්ථානයේ පැවැති අතර පිරිමි කාන්තා කේවල අර්ධ අවසන් පූර්ව තරග හා අවසන් තරග ‘හිල්ටන් රෙසිඩන්ස්’ හිදී පැවැත්විණි.

මෙවර තරගාවලියේදී ප්‍රතිවාදියාට අවස්ථාව නොදී තරගවාරයක් නිමා කිරීමේ ‘වයිට් ස්ලෑම්’ හා තමන් ලද පළමු අවස්ථාවේදීම තරගවාරයක් නිමා කිරීමේ ‘බ්ලැක් ස්ලෑම්’ 18ක් වාර්තා කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකවෝ 14 දෙනකු සමත්වූහ.

එහිදී නිශාන්ත ප්‍රනාන්දු අවස්ථා 3ක්, චමිල් කුරේ හා අනාස් අහමඩ් අවස්ථා 2ක බැගින්ද, එවෝන් වික්‍රමසිංහ, කේ.ජී.එස්.ජේ.ප්‍රසාද්, අජිත් චන්ද්‍රසෝම, නලීන් ජයශාන්ත, ප්‍රභාත් යටවර, ෂහීඩ් හිල්මි, ප්‍රමේද මෙන්ඩිස්, ධම්මික රොහාන්, එච්.ප්‍රභාත්, ප්‍රමෝද් අශේන්ද්‍ර හා යසිකා රාහුබද්ධ ස්ලෑම් අවස්ථාවක් බැගින්ද වාර්තා කළහ.

තරගාවලියේ ජය සංකේත ප්‍රදානෝත්සවය ලෝක කැරම් සම්මේලනයේ සභාපති ජෝෂප් මේයර්, පොලිස්පති පූජිත ජයසුන්දර, ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ සභාපති පරාක්‍රම බස්නායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් දයා විදානගම, තරග ලේකම් අමිතා වික්‍රමසිංහ ඇතුළු සම්මේලන නිලධාරීන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විශාල පිරිසක් එක් වූහ.

තරග ප්‍රතිඵල මෙසේය

පිරිමි කේවල - 1.චමිල් කුරේ, 2.නිශාන්ත ප්‍රනාන්දු, 3.ෂහීඩ් හිල්මි

පිරිමි යුගල - 1.නිශාන්ත ප්‍රනාන්දු/සුරාජ් මධුවන්ත, 2.චමිල් කුරේ/බ්‍රෙන්ඩ්ලි වික්‍රමසිංහ, 3.එම්.ටී.එම්.හිල්මි/කේ.කේ.ප්‍රකාශ්

කාන්තා කේවල - 1.ජෝශප් රොෂිටා, 2.යසිකා රාහුබද්ධ, 3.චලනි ලක්මාලි

කාන්තා යුගල - 1.යසිකා රාහුබද්ධ/චලනි ලක්මාලි, 2.ශෂිකා සඳමාලි/මධුෂා විතාන, 3.ජෝශප් රොෂිටා/රෙබෙකා ඩැල්රින්

මිශ්‍ර යුගල - 1.චමිල් කුරේ/තස්මිලා කාවින්දි, 2.අනාස් අහමඩ්/රෙබෙකා ඩැල්රින්, 3.ළහිරු එෂාන්/ජෝශප් රොෂිටා

ප්‍රවීණ - 1.ලලිත් හේවගේ, 2.එම්.ෆාරුක්, 3.කේ.ජී.එස්.ජේ.ප්‍රසාද්

නිරෝෂාන් ප්‍රියංකර

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();