Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිදහස් කුසලාන තරගාවලියේ නායකත්වය චන්දිමාල්ට

Author(s): 
ෆවුස් මොහොමඩ්

මැතිව්ස්-අසේල-ශෙහාන් කණ්ඩායමට නෑ

බංග්ලාදේශ සංචාරය අතරතුර පාදයේ ආබාධයට ලක්වූ ශ්‍රී ලංකා එක්දින හා විස්සයි20 පිලේ නායක ඇන්ජෙලෝ මැතිව්ස්ට ලබන සතියේ ආරම්භ වන නිදහස් කුසලාන තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව අහිමිවී තිබේ. නිදහස් කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් පුහුණුවීම් ආරම්භ කළ මැතිව්ස්ගේ ආබාධ තත්ත්වය උත්සන්න වීම නිසා ඔහුට තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව අහිමිවූ බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහුගේ ආබාධ තත්ත්වය බරපතල නොවූවත් නිදහස් කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම අවදානම් සහිත බවට වෛද්‍යවරු නිර්දේශ කර තිබිණි.

ඒ අනුව නිදහස් කුසලාන තරගාවලියට ඊයේ නම් කළ ක්‍රීඩකයන් 20 දෙනකුගෙන් සමන්විත සංචිතයට මැතිව්ස් ඇතුළත් නොවූ අතර කණ්ඩායම මෙහෙයවීමේ වගකීම යළි ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට පවරා තිබේ.

මැතිව්ස්ට අමතරව විවිධ ආබාධවලට ලක්වී සිටි කුසල් ජනිත් පෙරේරා, දුෂ්මන්ත චමිර සහ නුවන් ප්‍රදීප් සිය ආබාධ සුව අතට හැරීම නිසා සංචිතයට එක්වීමේ අවස්ථාව ලබා සිටිති. එසේවුවත් ආබාධවලට ලක්වූ සෙසු ක්‍රීඩකයන් වන වේගපන්දු යවන ශෙහාන් මධුසංඛගේ සහ තුන්ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්නගේ සේවය තවදුරටත් කණ්ඩායමට අහිමිවී තිබේ. අසේල ගුණරත්න බංග්ලාදේශය සමග පැවැති විස්සයි20 තරගාවලිය සඳහා පුහුණුවිම්වල නිරතව සිටියදී උරහිසේ ආබාධයකට ලක්වූ අතර ශෙහාන් මධුසංඛ එම තරගාවලිය අතරතුර ආබාධයකට ලක්විය.

ඊයේ නම් කළ ශ්‍රී ලංකා සංචිතයට යොවුන් පිතිකරු සදීර සමරවික්‍රම සහ වේගපන්දු යවන අසිත ප්‍රනාන්දු ඇතුළත්වී සිටිති.

නිදහස් කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන අවසන් ක්‍රීඩකයන් 15 දෙනා අද (28) නම් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය මෙසේය -

දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දසුන් ශානක, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්, සුරංග ලක්මාල්, නිරෝෂන් දික්වැල්ල, සදීර සමරවික්‍රම, ඉසුරු උදාන, ජෙෆ්රි වැන්ඩේසේ, අකිල ධනංජය, අමිල අපෝන්සු, අසිත ප්‍රනාන්දු, ළහිරු ගමගේ, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ධනංජය ද සිල්වා

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();