Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මගුල කල් දමා ඇවිත් තරග දිනා දෙන්න’.. කෝලිගෙන් ඉල්ලයි

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි සහ බොලිවුඩ් නිළි අනුශ්කා ෂර්මා අතර විවාහය දෙසැම්බර් 12 හෝ දෙසැම්බර් 18 යන දිනවලින් එකක ඉතාලියේ මිලාන් නුවරදී පැවැත්වෙනු ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ විරාත් කෝලිගේ සමීපතම නෑදෑ හිතමිතුරන් කිහිපදෙනකු සමඟ සචින් තෙන්ඩුල්කාර්, යුවරාජ් සිං, ෂාරුක් ඛාන්, අමීර් ඛාන්, ආදිත්‍ය චොප්රා සහ මනීෂා ෂර්මා මෙම උත්සවයට සහභාගී වීම සඳහා ආරාධනා ලැබ ඇති බවයි. තවද විරාත් කෝලිගේ කුඩා කල පුහුණුකරු වූ රාජ්කුමාර් ෂර්මා හටද මෙම උත්සවය සඳහා ආරාධනා කර ඇති බව වාර්තා වේ.

මිලාන් නුවර ටූස්කැනි ප්‍රදේශයේ විවාහ උත්සවය පවත්වන ස්ථානය අවට දැඩි ආරක්ෂක විධි විධාන තරකොට ඇති බවත් සාමාන්‍ය පන්ජාබ් විවාහ චාරිත්‍ර අනුව මෙම විවාහය සිදු කරනු ලබන බවත් වාර්තා වන අතර වෘත්තීයමය භන්ග්‍රා නැටුම් කණ්ඩායමක්ද එම ප්‍රදේශයට පැමිණ ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එළැඹෙන දෙසැම්බර් මස 26 වැනිදා ඉන්දිවේ මුම්බායි හිදී විශේෂ උත්සවයක් පැවැත්වීමට ඉන්දීය නායක විරාත් කෝලි කටයුතු සංවිධානය කර තිබේ. ඒ අනුව එම උත්සවය සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල නිලධාරීන්, බොලිවුඩ් නළු නිළියන් සහ ඉන්දීය දේශපාලන නියෝජිතයන්ට ද ආරාධනා කෙරෙනු ඇති බවද වාර්තා වේ.

මේ අතරඉන්දීය ක්‍රිකට් ඉතිහාසයට අමිහිරි වාර්තා කිහිපයක් එකතු කරමින් සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයේ ජය වාර්තා කිරීමත් සමඟම ඉන්දියානු ක්‍රිකට් ලෝලීන් තම ට්විටර් ගිණුම් ඔස්සේ විරාත් කෝලිට විවාහය අවලංගු කර කණ්ඩායමට නැවත එක්වන ලෙස සටහන් කර තිබිණි.

ට්විටර් සටහන් අතුරින් බොහෝමයක සඳහන්ව තිබුණේ විරාත් කෝලි කණ්ඩායම තුළ සිටියා නම් මෙවන් ඉරණමක් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට අත් නොවන බවත් වහාම ඉතාලියේදී පැවැත්වීමට නියමිත විවාහ මංගල්‍යය අත්හැර කණ්ඩායමට පැමිණ ඉදිරි තරගවලට ක්‍රීඩා කරන ලෙසය.

තම විවාහ උත්සවය පැවැත්වීමේ අරමුණින් යුතුව විරාත් කෝලි මෙම එක්දින තරගාවලියෙන් විවේක ගත් අතර දෙසැම්බර් 12 (අද) සහ 18 යන දිනවලින්් එකක “වසරේ විවාහය” ලෙස නම් පටබැඳී ඇති මෙම මංගලෝත්සවය ඉතාලියේ මිලාන් නුවර පැවැත්වීමට නියමිත බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණත් නිශ්චිත දිනයක් සඳහන් කිරීමට ඔවුන් අපොහොසත් වී ඇත.

කෙසේ වෙතත් මෙම විවාහය හා සම්බන්ධව ඉන්දීය ක්‍රිකට් ලෝලීන් එක් කර ඇති ට්විටර් සටහන් බොහෝමයක් හාස්‍ය උපදවීමේ අරමුණින් යුතුව පළ කර තිබූ ඒවා වුවත් මෙම තරගයට විරාත් කෝලිගේ නායකත්වය අහිමි වීම මෙම වාර්තාගත පරාජයට හේතුව බව බොහෝ ඉන්දියානුවන්ගේ මතය වී තිබේ.



from Gossip Lanka News & Video http://ift.tt/2BAc3iZ
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();