Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගෝලයාගේ ATM හොරකම

ඒ.ටී.එම්.බැංකු කාඩ් පතකින් මුදල් සොරකම් කිරීමේ චෝදනා මත පුද්ගලයෙකු දියතලාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අැති බව වාර්තාවේ‍.
 
සිය මුදල් පසුම්බියේ තිබු බැංකු කාඩ්පතෙන් වරින් වර මුදල් සොරකම් කර ඇති බවට ව්‍යාපාරිකයෙකු විසින් දියතලාව පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
 
සැකකරු විසින් සිය කඩ්පතෙහි රහස් අංකය දැන සිටි බවත්, ඔහු සිය ව්‍යාපාරික කටයුතුවලට සහයදුන් අයෙකු බවත් අදාළ ව්‍යාපාරිකයා විසින් සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
 
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු  23 හැවිරිදි හපුතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පැවසුවේය.
 
සැකකරු අද බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර දියතලාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();