Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පුංචි ඡන්දය ගැන එජාප කළමනාකාරවරුන් දැනුවත් කෙරේ

එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික් සහ කොට්ඨාස කළමනාකරුවන් සඳහා 2017/18 වසර සඳහා පත්වීම් ලිපි ලබාදීම හා පළාත් පාලන මැතිවරණය පිළිබඳ දැනුවත් කිරීම සම්බන්ධ දෙදින නේවාසික වැඩමුළුවක් පසුගිය 09-10 දෙදින ගල්කිස්ස ෆාම් බීච් හෝටලයේ දී එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාවට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක, නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක හා බී. එම්. මරික්කාර් යන මහත්වරු සහභාගි වූහ.මහාචාර්ය දයා රෝහණ අතුකෝරල මහතා විසින් විශේෂ දේශනයක් ද, ආචාර්ය අමින්ද මෙත්සිරි පෙරේරා මහතා විසින් බැඳුම්කර නිකුතුව පිළිබඳ, විශේෂ දේශනයක් ද පවත්වන ලදී. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල සභික සහ දිස්ත්‍රික් සහ කොට්ඨාස කළමනාකරුවන්ගේ සම්බන්ධිකාරක ලසන්ත ගුණවර්ධන මහතා විසින් Green Blood සංවිධානයේ සහයෝගය ඇතිව මෙම වැඩමුළුව සංවිධානය කරන ලදී.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();