ප්‍රින්ස් ගුණසේකර
මලල ක්‍රීඩා තාක්ෂණ නිලධාරීන් ඇගැයීමේ තිළිණ ප්‍රදානෝත්සවයේදී වසර 50ක කාලයක් මලල ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් දායකත්වය සැපයූ ප්‍රවීණ තාක්ෂණ නිලධාරීන් 6කට ජීවිත කාලයේ පිරිනැමෙන උසස්ම ඇගැයීම් සම්මාන පිරිනැමෙයි. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපති හා හිටපු හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ක්‍රීඩා විද්‍යායතනයේදී පසුගියදා මෙම උළෙල පැවැත්වුණි.
කේ. එල්. එෆ්. විජේදාස, එම්. ටී. එච්. පෙරේරා, වී. ටී. සිවලිංගම්, ඔස්ටින් ඒ ප්‍රනාන්දු, ඉවී දිසානායක හා ශාන්තී ද ආබෘ යන මහත්ම මහත්මීන්ට ජීවිත කාලයේ පිරිනැමෙන උසස්ම ඇගැයීම් සම්මාන පිරිනැමුණි.
මලල ක්‍රීඩා තාක්ෂණ නිලධාරී සිවුවැනි ශ්‍රේණියේ විභාගයේදී වැඩිම ලකුණු ලබාගත් (94) චිරන්තිකා කලුපහන මෙනවියට මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු අභියෝග කුසලානය පිරිනැමුණු අතර දෙවැනි ස්ථානය ටී. එල්. ආර්. එස්. කුලරත්න මෙනවියට (ලකුණු 91) හිමි විය.
සිවුවැනි ශ්‍රේණියේ විභාගයේදී වැඩිම ලකුණු ලබාගත් (94) චිරන්තිකා කලුපහන මෙනවියට මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු අභියෝග කුසලානය පිරිනැමුණු අතර දෙවැනි ස්ථානය ටී. එල්. ආර්. එස්. කුලරත්න මෙනවියට (ලකුණු 83) හිමි විය.
තෙවැනි ශ්‍රේණියේ විභාගයේදී වැඩිම ලකුණු ලබාගත් (88) එස්. මයුරන් මහතාට ඒ. ටී. නුගේගොඩ අභියෝග කුසලානය පිරිනැමුණු අතර දෙවැනි ස්ථානය රුවන් චතුරංග කුලරත්න මහතාට (ලකුණු 83) හිමි විය.
මලල ක්‍රීඩා තාක්ෂණ නිලධාරී දෙවැනි ශ්‍රේණියේ විභාගයේදී වැඩිම ලකුණු ලබාගත් (95) ජී. ජී. ඒ. සී. රණසිංහ මහතාට ප්‍රේමා පින්නවල අභියෝග කුසලානය පිරිනැමුණු අතර දෙවැනි ස්ථානය එස්. සිවපරන් මහතාට (ලකුණු 90) හිමි විය.
මෙහි පළමු ශ්‍රේණියේ විභාගයේදී වැඩිම ලකුණු ලබාගත් (89) ටිරෝන් අයි. ගමගේ හා ඩී. ඩබ්ලිව්. එම්. නිම්මාන යන මහත්වරුන්ට පී. එච්. ඩී. වෛද්‍යතිලක අභියෝග කුසලානය පිරිනැමුණු අතර දෙවැනි ස්ථානය කේ. ඩබ්ලිව්. ඩී. ඒ. එස්.ධර්මසේන (ලකුණු 88) මහතාට හිමි විය.
0 Comments