Ticker

6/recent/ticker-posts

Header Ads Widget

BPL අද ඇරැඹේ.. ශ්‍රී ලංකාවෙන් සුපිරි 10ක්.. මැතිව්ස් නෑ –

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (බී.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සූදානමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් එම තරගාවලියට සහභාගි වීමෙන් වැලකී සිටීමට තීරණය කර තිබේ. ඒ සම්බන්ධයෙන් මැතිව්ස්  පවසා සිටියේ ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගි සඳහා තමන් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 8 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යන බැවින් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගිවීමට තමන්ට වේලාවක් නොමැති බවයි.

ශ්‍රී ලංකා – ඉන්දියා තරගාවලිය දෙසැම්බර් මස 24 වැනිදා දක්වන පැවැත්වෙන බැවින් බී.පී.එල්. තරගාවලියේ එකම තරගයකට හෝ සහභාගි වීමේ අවස්ථාවක් මැතිව්ස්ට නොලැබේ.

මෙවර බී.පී.එල්. තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 15 දෙනෙක් සභාගිවන අතර එහිදී ඔව්හු ශිලාත් සික්සර්ස්, ඩකා ඩයිනමයිට්ස්, කොමිලා වික්ටෝරියන්ස්, රාංග්පූර් රයිඩර්ස්, චිතගොන් වයිකිංග්ස් සහ කුල්නා ටයිටන්ස් යන කණ්ඩායම් 6 වෙනුවෙන් ක්‍රීඩා කරති. එම කණ්ඩායම් සඳහා පළමු වරට ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී ඇන්ජලෝ මැතිව්ස්ද ඇතුළුව ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 11 දෙනෙක් තරගාවලියට සහභාගි වීම සඳහා වරම් හිමිකර ගත්හ.

දෙවැනි වර ක්‍රීඩකයන් තේරීමේදී තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 5 දෙනෙකුට (උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, නුවන් කුලසේකර, ලසිත් මාලිංග සහ අකිල ධනංජය) තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව හිමි වූ අතර පළමු තේරීමේදීම කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායමට ඇතුළත් වූ මැතිව්ස් පසුව තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කළේය.

ධනුෂ්ක ගුණතිලක, දසුන් ශානක, වනිඳු හසරංග, චතුරංග ද සිල්වා සහ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක උපුල් තරංග ශිලාත් සික්සර්ස් කණ්ඩායම නියෝනය කරන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතය.

තිසර පෙරේරා, කුසල් පෙරේරා නුවන් කුලසේකර සහ ලසිත් මාලිංග රාංග්පූර් රයිඩර්ස් කණ්ඩායමටද, සීක්කුගේ ප්‍රසන්න, ෂෙහාන් ජයසූරිය සහ අකිල ධනංජය කුල්නා ටයිටන්ස් කණ්ඩායමටද, ඩිල්ෂාන් මුණවීර සහ ජීවන් මෙන්ඩිස් චිතගොන් වයිකිංග්ස් කණ්ඩායමටද ඇතුළත්ව සිටිති.

ඉකුත් වසරේදී ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ මහේල ජයවර්ධන මේ වසරේදී කුල්නා ටයිටන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි. අවසන් වරට පැවැති අයි. පී. එල්. තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් පිලේ පුහුණුකරුවා වූ මහේල ජයවර්ධන අයි. පී. එල්. තරගාවලියේ ශූරතාව දිනාගැනීම දක්වා මුම්බායි පිල ඉදිරියට ගෙන ගියේය.

හෙට (4 වැනිදා) ආරම්භ වන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය දෙසැම්බර් මස 12 වැනිදා දක්වා පැවැත්වෙන අතර එහි මූලික වටයට තරග 42 ක්ද, අවසන් වටයට තරග 4 ක්ද ඇතුළත් වේ. අවසන් වටයේදී පරාජිතයන් ඉවත් කිරීමේ තරගයක් සහ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ තරග 2 ක් පැවැත්වේ.

එහිදී පළමු සුදුසුකම් ලබාගැනීමේ තරගයෙන් ජයගන්නා කණ්ඩායමට ඍජුවම අවසන් මහ තරගයේ ස්ථානයක් හිමිවෙයි.

බී.පී.එල්. කණ්ඩායම් වලට ඇතුළත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ

ශිලාත් සික්සර්ස් කණ්ඩායම
උපුල් තරංග, දනුෂ්ක ගුණතිලක, දසුන් ශානක, වනිඳු හසරංග සහ චතුරංගද සිල්වා

රාංග්පූර් රයිඩර්ස් කණ්ඩායම
තිසර පෙරේරා, කුසල් පෙරේරා, නුවන් කුලසේකර සහ ලසිත් මාලිංග

කුල්නා ටයිටන්ස් කණ්ඩායම
සීක්කුගේ ප්‍රසන්න සහ ෂෙහාන් ජයසූරිය, අකිල ධනංජය

චිතගොන් වයිකිංග්ස් කණ්ඩායම
ජීවන් මෙන්ඩිස් සහ ඩිල්ෂාන් මුණවීර

ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම
කුමාර් සංගක්කාර



from Gossip Lanka News & Video http://ift.tt/2y0WlaQ
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();