Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එග් බෙනඩික්

ඔබ බොහෝ විට උදෑසන ආහාර වේලට පාන් කෑමට ඉතා රුචිකත්වයක් දක්වන බව අපි දනිමු. ඒ නිසාම අප මෙවර තීරණය කළා ඔබ කන ඒ පාන් පෙත්ත ඉතා රසවත් පාන් පෙත්තක් කරගන්නා ආකාරය ගැන කියාදෙන්න. මෙය හඳුන්වනු ලබන්නේ එග් බෙනඩික් කියලා. ඔබටත් හැකියි මෙය සකස්කර රස විදින්න.

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පෙති 02
හැම් පෙත්තක් (කුකුල් මස් හෝ ඌරු මස්)
පෝච් එග්
බිත්තර කහ මද 03
බටර් මේස හැදි 01
විනාකිරි තේ හැදි 01
ගම්මිරිස්, ලුණු (අවශ්‍ය ප්‍රමාණයට)
තක්කාලි
මෂ්රූම් (හතු)

සකස් කරගන්නා ආකාරය

බිත්තර කහ මද තුන භාජනයකට දමා ඊට බටර් හා විනාකිරි එකතු කර කවලම් කරගන්න. හොදින් කවලම් වූ පසු අවශ්‍ය ප්‍රමාණයට ගම්මිරිස්, ලුණු එකතු කර පල්පය සකස් කර පැත්තකින් තබාගන්න. ඉන් අනතුරුව පාන් පෙත්ත ටෝස් කර ඒ මත හැම් පෙත්තත්, පෝච් එග් එකත් තබා ඒ මතට මුලින් සකස් කරගත් හොලන් ඩේස් සෝස් එක එකතු කරගන්න. එය අලංකාර කරගැනීම ට තක්කාලි හා මෂ්රූම් යොදාගත හැකිය.

නුවන් කොඩිකාර
ඡායාරූප- නිශ්ශංක විජේරත්න

විපුල ජයරත්න
ප්‍රධාන සූපවේදී- පර්පල් සන් රිසෝට්
http://ift.tt/2znKFTm

sub title : 
එග් බෙනඩික්










from mihithuru

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();