Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බැති සිත් පුබුදුවන ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරය

පිහිටීම- දකුණු පළාතේ අකුරැස්ස අතුරලිය යහමුල්ල ග්‍රාමයේ පිහිටයි.

ගමන් මාර්ගය- මාතර සිට අකුරැස්සේ විල්පිට කඹුරුපිටිය පාරේ අතුරලිය යහමුල්ල මාර්ගයේ මීටර් 200 ක් පමණ ගිය විට මෙම විහාරය හමුවේ.

විශේෂත්වය- ඵෙතිහාසික බෞද්ධ ආගමික පුදබිමකි.

 

යහමුල්ල ශ්‍රී බෝධිරුක්ඛාරාමය අවට නිසංසලය. ශාන්ත ය. විශාල ගස් කොළන්වලින් පිරී ඇත. එබැවින් හාත්පස හරිත පැහැයෙන් යුක්තය. නිසල බවත්, සිසිලසත් විදින්නට නම් කෙලෙස් බරින් නිදහස් විය යුතුය. එසේ නොමැති කෙලෙස් බරින් යුත් මිනිසුන්ට එහ ආශ්වාදය විදිය නොහැකිය. අප මේ පුණ්‍ය භූමියට ගොඩවන විටත් බොහෝ බැතිමතුන් ආගමික වතාවත්වල ය. දැඩි නිහඬ බවකින් පරිසරයම වෙලා ගෙනය.

අකුරැස්ස අතුරලිය යහමුල්ල ග්‍රාමයේ පිහිටි වනස්පති නම් වූ මහානුභාව සම්පන්න නුග ගස පෞරාණික වටිනාකමකින් යුතු නුග ගසක් ය. පුරාවෘත්තවලට අනුව සියවස් කිහිපයකට පෙර සිටී කුමාරදාස රජතුමා විසින් මෙම සිද්ධස්ථානයට තම ආගමික කටයුතු සඳහා සම්බන්ධ වූ බවට සාධක ඇත. ඉපැරැණි නුග ගසේ අනූභාවයත්, අවට වනාන්තරයත් නිසා සදා නොසිදෙන දිය බුබුලත් පිහිටා ඇත. මෙම දියබුබුල ආශ්‍රීතව කුමාරදාස රජතුමාගේ නාන තොටුපලක් පැවැති බවත්, ඒ ආශ්‍රිතව පාලමක් සාදා තිබූ බවට සාධක ඇත. රජතුමාට ගමන් කිරීමට ඉදිකර තිබූ පාලම ආශ්‍රිත කුඹුරු යාය අදත් “ පාලම් ලියද්ද” ලෙස හඳුන්වති.

අතුරලිය ගම තුළ ස්වභාවික පිහිටි හැඩතල අනුව ඒ ඒ කොටස්වලට විවිධ නම් භාවිතයේ පවතී. මෙම නුග ගස ආශ්‍රිත භූමිය යපස්නිධි පැවැති නිසා යහමුල්ල නම ව්‍යවහාරවන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙම පිරිසරය තුළ පිහිටා ඇති නුග ගස මුල් කරගෙන පූජා භූමිය තුළ අදෘශ්‍යමාන බලයක් තිබෙන බවට ගම්මුන් අතර ප්‍රචලිතව තිබේ. තවද, අදෘශ්‍යමාන දේව බලය නිසා යහමුල්ල ගමට පමණක් නොව, ඈත ගම්වල ජනයාට සෙත සැලසී ඇත. දුකට පත් අයට සෙත සලසාදීම, බිය තුරන් කිරීම, ලෙඩ සුව කිරීම, අපල දුරු කිරීම ආදී කරදර බාධක දුරුකර දෙන භූමියක් බවට ප්‍රසිද්ධව ඇත. මෙම පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගනිමින් ජීවත් වන ජනතාවගේ කුඹුරුවලට ආසිරිපතා වසර දහස් ගණනකට සිට නුග ගස මුල්කොට දෙවියන් උදෙසා බාර වී පොරපොල් ගසා පැවැති පේලි පෙරහර නිසා ම පන්සලක් සෑදීමට අවශ්‍ය සාධක ඉස්මතුව තිබේ.

පෙරහර, කෝල්මුරයාගය, ගිනි පෑගීම, දේව දානය, පිරිත් දේශනය, බෝධි පූජා වාර්ෂික ව සතියක් පුරා පැවැත්වීමෙන් අතුරලිය එකම සංස්කෘතික මංගල්‍යයක් බවට පත් කර ඇත. අංග සම්පූර්ණ විහාර මාලිගයක්, චෛත්‍යරාජයාණන් වහන්සේ වටා බෝධි ප්‍රාකාරය, දේවාලය, දෙමහල් ප්‍රජා මන්දිරය, සම්බෝධි දහම් පාසල් මධ්‍යස්ථානය, බහුකාර්ය මධ්‍යස්ථානය, දෙමහල් ධාතු මන්දිරය, ගැමි දිරිය බැංකුව,පුස්තකාල පහසුකම් රැසක් මෙම විහාරස්ථානය සතුව ඇත.මෙහි වර්තමාන විහාරධිකාරිත්වය ශාස්ත්‍රවේදී යහමුල්ලේ අනුරුද්ධ හිමියෝ උසුලති.

නුවන් කොඩිකාර

Location name: 
sub title : 
ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරය










from mihithuru

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();