Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොලිසියත් පුදුම කල කැකිරාවේ තරුණියගේ ඝාතනය අවසානයේ අමුතුම කතාවක් සමගින් විසදුනු හැටි

අපරාධයක් කර සැඟව සිටිය හැකි වුවත් එය කෙදෙිනක හෝ හෙළි වන්නේය. යම් ප්‍රශ්න වලින් ගැලවීමට සිතා ඇතැමුන් මිනිස් ජීවිත බිල්ලට ගත්තත් අවසානයේ සිදුවන්නේ තමාගේ ජීවිතයේද ලබාගත් සියළු දේ අහිමි කරගෙන ජීවිතයේ හොඳම කාලයක් සිර මැදිරියක ගෙවා දැමීමටය.

මේ කැකිරාවට නුදුරු ප්‍රදේශයක සිදුවුන අභිරහස් ඝාතනයක් හා ස්ත්‍රි දුෂනයක් අවාසනයේ විසදුනු අයුරුය.

දිනක් කැකිරාව පොලීසියට හදිසියේ ලැබුණු ඇමතුමක් නිසා එහි සිටි සියල්ලන්ගේ හදවත සසල උනා. “සර් කැලෑවක අවුරුදු එකාහමාරක විතරක් දරුවෙක් ඉදලා හම්බුණා.ඒ ලගම පිච්චුණ මිනියකුත් තියෙනවා” ආ ඇමතුමෙන් ලැබුණ තොරතුර එසේ විය. වහ වහා ජීප් රිය සූදානම් කරගත් පොලිස් කණ්ඩායම. කැකිරාවේ එම ප්‍රදේශය බලා පිටත් විය. එහි යනවටත් මිනියෙන් අඩකට වඩා පිලිස්සී තිබිණි. දුටු දේ සිතාගත නොහැකිව වික්ශිප්ත වූ ගොවියන් පිරිසක් එහි සිටියෝය.

පොලීසිය වැඩ කටයුතු පටන් ගත්තේය. මිනිය හදුනාගත නොහැකි අයුරින් පිළිස්සී තිබිණි. වැඩිදුර පරීක්ශණ සදහා අධිකරණ වෛද්‍යවරයා ගෙන්වා ගැනීමට පොලීසිය කටයුතු කලේය. මේ අතර තුර කුඩා දරුවා ලමා පරිවාසයට යොමු කලේය.

සියලු පරීක්ශන අවසන් කල පසු අධිකරණ වෛද්‍යවරයා දුන් තීන්දුවෙන් පොලීසිය පමණක් නොව මහජනයාද විස්මයට පත් වුණා. එහි සදහන් කර තිබුණේ. මිය ගිය කාන්තාව අවුරුදු 18-22ත් වන අතර ඇය මිය යනවිට සත් මස් ගැබිණියක්ව සිටි බවත්. ඇය පිලිස්සී ඇත්තේ මිය ගිය පසුව බවත් ඊට පෙර ඇය පුද්ගලයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි පිරිසකගේ අතින් දූෂණයට ලක්ව ඇති බවත්ය. කිසිවක් සිතාගත නොහැකිවූ පොලීසිය අන්ත අසරණ විය. මන්දයත් ඉදිරියට යාම සදහා අවශ්‍ය කිසිම සාක්ශියක් නොමැති විය. සිතා ගත යමක් නොහැකිව කල්පනා කරමින් සිටි ස්ථානධිපතිතුමා තමා ලග ඇති එකම තුරුම්පුවෙන් සෙල්ලම ක්‍රියාත්මක කරන්නට විය. ඒ තුරුම්පුව වූයේ ලදු කැලෑවෙන් සොයාගත් දරුවාය. දරුවාගේ ඡායාරූපයක් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වලට ප්‍රසිද්ධ කිරීමට ඔහු කටයුතු කලේ ඒ නිසාවෙනි.

මේ අතරතුර හරි අපූරු දෙයක් සිදුවිය. ඒ කැබිති ගොල්ලෑව පොලීසියට පැමිණි වයෝවෘද්ධ කාන්තාවක් අපූරු සාක්ශියක් දීම නිසාවෙනි.

මහත්තයෝ ඔය දරුව කාන්තිගේ. කාන්තිගේ දරුවව බලාගත්තේ මම. මේ ඔස්සේ පරීක්ෂන කටයුතු ආරම්භ කල පොලිස් නිලධාරීන් කාන්තිගේ පවුලේ සාමජිකයන් සොයන්නට විය. අවසානයේ අලුත්ගම ප්‍රදේශයෙන් කාන්තිගේ මව සහ සහෝදරිය සොයාගන්නට පොලීසියට හැකියාව ලැබිණි.

නමුත් ඒ මව සහ අක්කා දුන් පිළිතුරින් පොලීසිය තවත් අපහසුතාවයට පත් විය. ඒ මව සහ අක්කා පැවැසුවේ මේ තමාගේ නැගණිය බවත් නමුත් ඇයට දරුවෙක් නොසිටි බවත් ය. දිගින් දිගට පැටලුම් වැඩි වෙන නූල් බෝලයක් මෙන් මේ ගැටලුව සංකීර්ණ විය. අවසානයේ පොලීසිය දිගින් දිගටම කල ප්‍රශ්න කිරීම් හමුවේ කාන්තිගේ මවගෙන් වැදගත් තොරතුරක් ලැබිණි. ඒ කාන්ති මීට අවුරුද්දකට පමණ පෙර රාජදේව නම් පුදගලයෙකු පිලිබද කියූ බවත් පසුව ඔහු ගැන ඇය සදහනක් නොකල බව‍ය. මේ තොරතුර හඹාගිය පොලීසිය රාජදේව නැමැති පුද්ගලයා පිලිබද පරීක්ශාකාරී විය.

නමුදු ලැබුණු තොරතුරු වලින් වූයේ තවත් මේ ගැටලුව පැටලීමක් මිස අන් කිසිවක් නොවේ. ඒ තොරතුරුවලින් කියවුනේ රාජදේව යනු ප්‍රදේශයේ ප්‍රධාන සහ වැදගත් පුද්ගලයෙක් බවත් ඔහු ඉතා හොද පවුල් ජීවිතයක් ගත කරන බව‍ත්ය. නමුදු පොලීසිය මේ තොරතුර නිකන්ම අත් අරින්න සූදානම් උනේ නෑ. දිගින් දිගටම ඔහු පිලිබදව පරීක්ශාවෙන් සිටියේය.

මේ අතරතුර රාජදේවගේ ලී සාප්පුවේ කම්කරුවෙක් කල ප්‍රකාශයක් නිසා පොලීසියේ සැකය රාජදේව ගැන වැඩි වන්නට විය. කම්කරුවා වරක් පවසා ඇත්තේ “ලොක්කා අපි කියන ඕන දෙයක් කරනවා. මොකද ලොක්කට අපි ජීවිත කාලෙටම අමතක වෙන්නේ නැති උදව්වක් කරලා තියෙනවා. අපි නැත්නම් ලොක්කා අද ඔතන නෑ එහෙනම් මෙලහකට එල්ලුම් ගහේ” කට ගොන්නක් බී කසිප්පු තිප්ප්ළේදි කම්කරුවා කී වචන අසා සිටි ගොවියෙක් මේ පිලිබදව පොලීසියට සැල කළේය.

මේ තොරතුර ඔස්සේ හඹාගිය පොලීසිය පෙර කී කම්කරුවා අත් අඩංගුවට ගත්තේය. නමුදු කිසිවක් ඔහුගේ කටින් පිට නොවිණි. තවත් බලා සිටීම මෝඩකමක් ලෙස තේරුම් ගත් පොලීසිය යුහුසුලුව රාජදේව අත් අඩංගුවට ගත්තේය. දැඩි ප්‍රශ්න කිරීම් හමුවේ කර කියාගත නොහැකි වූ රාජදේව අවසානයේ පාපොච්චාරණය කරන්නට විය.

කාන්තිව මට හම්බුණේ මීට අවුරුදු 3කට කලින් එප්පාවල ගාමන්ට් එකේදි. එතකොට මම ඒ ලග ලී බඩු සාප්පුවක් කරා. අපි දෙන්නා හම්බුණා කතා කලා අපිටත් නොදැනිම අපි ආදරේ කරා. හැබැයි මම බැදපු බවක් මම කාන්තිට කිව්වේ නෑ. මොකද මම කාන්තිට ගොඩක් ආදරේ කලා. පස්සේ කාන්ති ප්‍රෙග්නට් උනා. මම ගොඩක් අසරණ උනා.බැරිම තැන මම කාන්තිට ඇත්ත කියලා එයාව වෙනම ගෙදරක පදිංචි කලා.

කාලයත් එක්ක හැමදේම හොදට උනා. පස්සේ කාන්තිගේ කටේම තිබුණේ මගේ නෝනගෙන් ඩිවෝස් වෙලා එයාව බදින්න කියන එක. මට මේක ලොකු හිසරදයක් උනා. බැරිම තැන මම තීරණයක් ගත්තා. ඒ කාන්තිව මරන්න. ඒක මම ගොඩක් හොදට ප්ලෑන් කලා. මගේ ලග වැඩ කරන නවරත්නයි මිනිහගේ යාලුවෙකුයි මම වැඩේට ගත්තා. කාන්තිව අලුත් ගේකට එක්කන් යනව කියලයි මම එයාව එලියට එක්කන් ගියේ.

ඊට පස්සේ කැකිරාවෙදි මහ රෑ අර කොල්ලො තුන් දෙනා කාන්තිව මරලා දැම්මා. ලමය මරන්න තරම් මගේ හිත හයිය උනේ නෑ. ඒ නිසා ලමය තියලා ආවා සර්. ඔහු හඩා වැළපෙමින් කීවේය.

පොලීසියේ නොපසුබට උත්සහය නිසා අවසානයේ වැලලෙන්නට තිබූ අභිරහසක් එසේ හෙලිදරව් විය.

අනියම් පෙමක් නිසා අවසානයේ සිදුව තිබුනේ දරුවකු අනාතවීම, කාන්තාවකට දිවි අහිමිවීම හා ඇගේ අනියම් පෙම්වතා හා අපරාධයට සහය දුන් පිරිස සිරභාරයට වැටීමත් ඔහුගේ බිරිදගේද ජීවිතය විනාස වීමත් පමනි.



from Gossip Lanka News & Video http://ift.tt/2zPThDf
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();