Ticker

6/recent/ticker-posts

Header Ads Widget

චන්දික හතුරුසිංහගේ මාසික වැටුප ඇහුවොත් කලන්තේ දාලා වැටෙයි

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ මෙතෙක් සිටි සාර්ථකම පුහුණුකරුවා මෙන්ම ශ්‍රී ලංකාව එදා මෙදාතුර බිහි කළ හොදම පුහුණුකරුවා වන චන්දික හතුරුසිංහ  බංග්ලාදේශ කණ්ඩායම හැරයාමට තීරණය කර තිබේ. ලොව ඉහලම වැටුපක් ලබන පුහුණුකරුවා වන චන්දික හතුරුසිංහ බංග්ලාදේශ කණ්ඩායම දුර්වල කණ්ඩායමක සිට ලොව හොදම කණ්ඩායමක් දක්වා ඔසවා තැබූ අතර එම නිසාම ඔහුට ලොව ක්‍රිකට් පුහුණුකරුවෙකුට ගෙවන ඉහලම වැටුපක් හා වරප්‍රසාද ලබා දී බංග්ලාදේශය සතුව තබා ගැනීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබුනා.

chandika-hathurusingha-300x167

කෙසේ වෙතත් මෙලෙස සුපිරි වැටුපක් සමග වරප්‍රසාද විදි චන්දික හතුරුසිංහ බංග්ලාදේශයෙන් ගලවා ශ්‍රී ලංකාවට ලබා ගැනීම පහසු කටයුත්තක් නොවු අතර එම ක්‍රියාවලිය පසුපස විශාල මෙහෙ‍යුමක් දියත්ව තිබුනා. මේ එම මෙහෙයුමේ ඇතුලත කතාවයි.

හතුරුසිංහ සිය ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත භාර දුන් බව බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් තහවුරු කරන අතර බංගලාදේශ ක‍්‍රිකට් පාලක මණ්ඩල සභාපති නසිමුල් හසන් මහතා ඒ.එෆ්.පී.පුවත් සේවයට පවසා සිටියේ බංගලාදේශ පිලේ දකුණු අප‍්‍රිකානු සංචාරය අතරතුරදි තමන්ට බාර දුන් බවයි.

“මට මතක විදිහට ඔහු මට ලිපිය දුන්නේ ඔක්තෝබර් මාසයේ මුල් සතියේදී යි. ඔහු කිසියම් විශේෂිත හේතුවක් කිව්වේ නෑ. එයා කිව්වේ තවදුරටත් වැඩ කරන්න කැමති නෑ කියන එක විතරයි” යයි නසිමුල් හසන් මහතා ඩකා නුවර වාර්තාකරුවන්ට පවසා තිබේ.

“ඔහු වෘත්තීය පුහුණුකරුවෙක්. අපි මේ ප්‍රශ්නය දිහා වෘත්තීමය ආකාරයටයි බලන්නේ”

“අපි ඔහුට ඉන්න කියලා බල කරන්නේ නෑ. ඒත් මෙහෙම හදිසියේම යන්න හේතුව මොකක්ද කියලා අහන්න ඕනෑ” යයිද හසන් මහතා වැඩිදුරටත් පවසා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මාස තුනක් තිස්සේ සිදු කළ සාකච්ඡා වල ප්‍රථිපලයක් ලෙස මෙලෙස චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකාවට පැමිණීමට එකගව තිබෙනවා. චන්දික හතුරුසිංහට ගෙවීමට නියමිත වැටුප මසකට ඩොලර් 15,000$ක් බව සදහන්, එය මෙරට මුදලින් ලක්ෂ 20කට අධිකයි , කෙසේ වෙතත් චන්දික හතුරුසිංහ වත්මන් ක්‍රිකට් පරිපාලන‍ය පිළිබදව අප්‍රසාදයෙන් පසුවන අතර , වත්මන් පරිපාලනය සමග පුහුණුකරුවෙකුට හෝ ක්‍රිඩකයන්ට නිදහසේ කටයුතු කළ නොහැකි බව පවසා තිබෙනවා.

Ashley-1-1-300x267

මෙම මෙහෙයුමේ අවසන් අදියර වී තිබෙන්නේ වත්මන් ඛණිජ තෙල් අමාත්‍ය මෙන්ම චන්දික හතුරුසිංහගේ හොද මිතුරෙක් මෙන්ම නායකයාද වූ අර්ජුන රණතුංග මහතා ඈෂ්ලී ද සිල්වා මහතා සාකච්ඡා කිරීමයි, එහිදි ඇෂ්ලී ද සිල්වා ගේ ඉල්ලීම පිළිගත් අර්ජුන චන්දික හතුරුසිංහට ශ්‍රී ලංකාවට ආරාධනා කර තිබෙන්නේ වත්මන් ක්‍රිකට් පරිපාලනයේ කාලය අවසන් වන බවත් , මීළග නිලවරණයෙන් මෙම පරිපාලනය වෙනස් වන බව පවසමින්. චන්දික හතුරුසිංහ එම ආරාධනාව පිලිගෙන තිබෙන බව  ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුනා.

c4d7169b206f23a234e3603dfaa035a2_XL-300x207

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග වලින් වැඩි දුරටත් දැනගන්නට ඇත්තේ ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු තනතුර බාරගන්නේ නම් එම තනතුරේ රැඳී සිටින කාලය අතරතුර බාහිර බලපෑම් වලින් තොරව සිය කාර්යය කරගෙන යාමට ඇති නිදහස පිළිබඳ හතුරුසිංහ  වැඩිදුර අවධානය යොමුකර ඇති බවයි. ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් වත්මන් ආයතනයේ පාලනාධිකාරිය විසින් ඇති කළ හැකි තත්ත්වයෙන්ගෙන් ආරක්‍ෂාව සලසාදීම සම්බන්ධයෙන් ක්‍රිකට් නිලධාරීන් ගනු ලබන පියවර පිළිබඳවද හතුරුසිංහ අවධානය යොමුකර ඇතැයි කියැවේ.

ටෙස්ට් තරග 26 කට සහ එක්දින තරග 35 කට ක්‍රීඩාකර ඇති හතුරුසිංහ , ටේ්‍රවර් බේලීස් යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සහායක පුහුණුකරු ලෙසින් කටයුතු කළේය. එකල ඕස්ටේ්‍රලියාවේදී පැවැති පුහුණු පාඨමාලාවකට යාමට අවසර ඉල්ලා එය නොලැබුණු කල්හි හතුරුසිංහ   ශ්‍රී ලංකා පිල හැර ගියේය. එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ කුමාර සංගක්කාර   විසින් හතුරුසිංහගේ සේවය ශ්‍රී ලංකා කණ්ඩායමේ සමගින් රඳවා ගන්නා ලෙස ප්‍රබල ඉල්ලිමක් කරන ලද නමුත්  ක්‍රිකට් බලධාරීහු ශ්‍රී ලංකා නායකයාගේ ඉල්ලීම දැහැටි දණ්ඩක් සේ ඉවත දැමූහ. එම නිසාම චන්දික හතුරුසිංහ වත්මන් ක්‍රිඩා සමාජ සහ ක්‍රිකට් පරිපාලනය කිසිලෙසකින් හෝ විස්වාස නොකරන බවද සදහන්.

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් නෙරපීමෙන් අනතුරුව ඕස්ටේ්‍රලියාවේ නිව් සවුත් වේල්ස්හී පුහුණුකරු ධූරය බාරගත් හතුරුසිංහ  පසුව බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය තෝරාගත්තේය. එතැන් සිට බංග්ලාදේශ පිල ඉතාමත් සාර්ථක කණ්ඩායමක් ලෙසින් ඉදිරියට ගියේය. 2015 දී හතුරුසිංහ  ප්‍රධාන පුහුණුකරු ධූරය භාරගැනීමෙන් අනතුරුව සිය මව් රටේ පැවැති එක්දින තරග වලදී පාකිස්තනය 3-0 ක් ලෙසත් ඉන්දියාව 2-1 ක් ලෙසත් පරාජය කළ බංග්ලාදේශය දකුණු අප්‍රිකාව 2-1 ක් සහ සිබ්බාබ්වේ 3-0 ක් ලෙසත් පරායට පත් කළේය. එමෙන්ම තම මව් රටේදී පැවැති ආසියානු කුසලානයේදී අනුශූරතාව හිමිකර ගැනීමටද සමත්විය.

තම මව් රටේදී ලකුණු 108 කින් එංගලන්තය පරාජයට පත්කරමින් ඓතිහාසික ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමත්වූ බංග්ලාදේශය දෙවැනි ටෙස්ට් තරගය මෙන්ම ඔවුන්ගේ 100 වැනි ටෙස්ට් තරගය (ශ්‍රී ලංකාවට එරෙහිව) ජයගනිමින් ශ්‍රී ලංකාවේදී පැවැති ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස ජයපරාජයෙන් තොරව අවසන් කරගැනිමටද සමත්විය. එමෙන්ම ශ්‍රී ලංකාව සමගින් පැවැති එක්දින තරගාවලිය සහ විස්සයි20 තරගාවලියේද සම ජයග්‍රාහකයින්වූ බංග්ලාදේශය ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් පැවැත්වූ ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී අවසන් පූර්ව වටය දක්වා පැමිණිමට අවස්ථාව හිමිකර ගත්තේය.

බංග්ලාදේශ කණ්ඩායමේ පිතිහරඹ උපදේශක වශයෙන් කටයුතු කළ තිලාන් සමරවීර  වත්මන් ඉන්දීය සංචාරයේ සිට 2019 ලෝක කුසලාන තරගාවලිය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු වශයෙන් පත්වී සිටී.

2019 ලෝක කුසලාන දක්වා ප්‍රධාන පුහුණුකරු ධූරයේ වැඩ භාරගත් ග්‍රැහැම් ෆෝඞ්  ශූරයන්ගේ කුෂලාන තරගාවලියෙන් පසුව පුහුණුකරු ධූරයෙන් ඉවත්වීමත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය හිස් විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇතැම් කටයුතු සම්බන්ධයෙන් එකඟ නොවූ ෆෝඞ්  නිවාඩුවක් සදහා මව් රටට ගියද නැවත ලංකාවට නොපැමිණියේය.

පන්දු රැකීමේ පුහුණුකරු වශයෙන් කටයතු කළ නික් පොතාස්   මේ වනවිට ප්‍රධාන පුහුණුකරු ධුරයේ වැඩ බලයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට ඉන්දියාවේ තරග සංචාරයක් සඳහා පිටත්ව ගොස් සිටින අතර ඉන්දීය සංචාරය නිමා වූ විගසින්ම ටෙස්ට් සහ එක්දින තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට යාමට නියමිතය.

haturu-sing-300x168

 



from Gossip Lanka News & Video http://ift.tt/2yvc3vu
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();