Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඒ ගැන හිතන්නේ නැතුවමම පාඩම් කරලා මම ඉහළින්ම උසස් පෙළ සමත් වුණා.අර දුක සතුටකට හැරුණා – ශනුද්‍රී

ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ මේ දින වල කා අතරත් ජනප්‍රිය චරිතයක් ඒ දෙවෙනි ඉනිමේ ටෙලි කතාවේ සමල්කාගේ චරිතයට රංගනයෙන් දායක වීම නිසා. පසු ගිය සමයේ පැවති සුමති සම්මාන උළෙලේ ජනප්‍රියම නිළිය සඳහා ද ශනුද්‍රි නිර්දේශ වුනා, වසර ගණනකට පෙර සිදු වූ අත් වැරදීමක් නිසා ශනුද්‍රිට හැමෝගෙන්ම මඩ ප්‍රහාර එල්ල වුනා, ඒ සියල්ලට මුහුණ දෙමින් ශනුද්‍රි ආව ගමන ගැන කියන්නේ මේ විදිහටයි…

ශනුද්‍රි, සාමාන්‍ය ජීවිතයේදී සතුටින් සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්ද? එහෙම නැත්නම් ‍පොඩි දේටත් හඬා වැටෙන චරිතයක්ද?
මං හිතන්නේ මම ඔය අන්ත දෙකේ අතරමැද ඉන්න චරිතයක්.

ඒ කියන්නේ ඔබ සතුටයි, දුකයි නිහඬවම දරාගන්න කෙනෙක්?
දුක නම් නිහඬව දරාගන්නවා. හැබැයි සතුට නිහඬව දරා ගන්නේ නැහැ.

සතුටට කොයි විදියටද මුහුණ දෙන්නේ?
මහ හයියෙන් කෑ ගහලා හිනාවෙලා අනිත් අයටත් මගේ සතුටට හේතුව කියලා ඒ අය එක්කත් සතුට බෙදාගෙන තමයි මම සතුටට මුහුණ දෙන්නේ.

ඔබ දුක කියන හැඟීමට මුහුණ දෙන්නේ ඒ විදියට නමෛයි?
ඉවසන්නම බැරි දුකක් ආවොත් සමීපතම අයට කියනවා. නැත්නම් කාටත් හොරෙන් අඬනවා. හැබැයි සමාජය ඉදිරියේ නම් මම මගේ කඳුළු පෙන්නන්නේ නැහැ. මොන දුකක් ආවත් ඒක වහගෙන හිනාවෙලා ඉන්නවා.

ශනුද්‍රි වැඩියෙන්ම දුක්වෙන්නේ මොන වගේ දේවල්වලටද?
එකක් කියලා නැහැ කාගෙන් හරි රිදෙන වචනයක් කියවුණොත් මට දුක හිතෙනවා. වෙන කෙනෙකුට අතුරු ආන්තරාවක් වුණත් මගෙ හිත රිදිලා දුකක් දැනෙනවා.

ඒ විදියට තදින්ම දුක්වුණ අවස්ථාවක් මතකද?
ඒ වගේ අවස්ථා නම් ගොඩක් තියෙනවා. මෑත කාලයේ ඒ වගේ අවස්ථාවක් වුණේ දසුන් අයියගේ (දසුන් නිශාන්) මරණය වෙනුවෙන්.

කට කතා හින්දා දුක්වූ අවස්ථා නැද්ද?
තමන් ගැන කටකතාවක් ඇහෙද්දි කාටද දුක හිතෙන්නේ නැත්තේ? මටත් එහෙමයි. ඒත් මම කටකතා ගැන වැඩිදුර හිතන්න යන්නේ නැහැ.

රූපවාහිනී වැඩසටහනකදී නිවේදක අහපු ප්‍රශ්නෙකට වැරදි පිළිතුරක් දීලා අන්තර්ජාලයේ දිගට හරහට ශනුද්‍රිට මඩ ගහද්දිත් දුක් නොවී ගණන් ගන්නේ නැතුව හිටියද?
ඒ වේලාවේ නම් දුකක් දැනුණා තමයි. ඒත් පස්සේ ඒ දුක සතුටකට හැරුණා. ඔය අන්තර්ජාල මඩ ප්‍රහාරවලින් මාව වට්ටන්න බැහැ.

කොහොමද ඒ දුක සතුටකට හැරුණේ?
ඔය සිද්ධිය වුණේ මම උසස් පෙළට ලියන කාලෙදි. ඒ විදියට අන්තර්ජාලයෙන් දිගට හරහට මඩ ගහලා මානසිකව වට්ටන්න හැදුවේ උසස් පෙළට මුහුණ දෙන ළමයෙකුව. මම ඒ වෙලාවේ ඒ ගැන හිතන්නේ නැතුව පාඩම් කළා. මම ඉහළින්ම උසස් පෙළ සමත් වුණා. ඒ වේලාවේ අර දුක සතුටකට හැරුණා.

ජීවිතේ වැඩියෙන්ම සතුටු වුණේ එදාද?
එදත් සතුටු වුණා. මගේ උපාධියේ පළමු කොටස සමත් වූ අවස්ථාවේදීත් සතුටු වුණා.

කලා ජීවිතේ වැඩියෙන්ම සතුටු වුණේ?
පුංචි කා‍ලේ රඟපෑවත් ඉන්පසු කලාවෙන් ඈත්වෙලා ඉඳලා මම දෙවැනි වතාවට රඟපාන්න ආවේ දෙවැනි ඉනිමෙන්. ඒ ටෙලිනට්‍යය හිතුවටත් වඩා ජනප්‍රියත්වයක් මට ලබා දුන්නා. අද පාරේ යද්දි පුංචි දරුවෝ පවා මට ආදරෙන් කතා කරනවා. ඒ ගැන හිතන විට නම් ලොකු සතුටක් ඇතිවනවා.

ඒත් ජනප්‍රිය නිළි සම්මානය ලැබුණේ දෙවැනි ඉනිමේ ඔබ සමග රඟපෑ අනිත් නිළිය නයනතාරාට. ඒ වේලාවේ නම් දුකක් ඇතිවෙන්න ඇති.
අයියෝ කිසිම දුකක් ඇති වුණේ නැහැ. එයාට ලැබිය යුතු දේ එයාට ලැබුණා. නයනතාරාට ජනප්‍රිය නිළි සම්මානය ලැබුණාම මම දුක්වෙන්නේ ඇයි?

ශනුද්‍රි ඔහොම කිවුවට ජනප්‍රිය සම්මානය හින්දා ශනුයි නයනතාරයි අතර පුංචි විරසකයක් ඇති බව අන්තර්ජාලයෙන් හුවමාරු වූ දේවලින් පෙනුනා. දුකක් නැත්නම් ඇයි එහෙම වෙන්නේ.
අන්තර්ජාලයෙන් ඔය වගේ දේවල් පළ වෙනකොට ඒ දිහා බලලා නයනතාරයි මමයි හිනාවෙන බව ඔය වගේ දේවල් පළකරන අය දන්නේ නැහැ. අපි දෙන්න දෙවැනි ඉනිම දර්ශන තලයේදී ෆුල් ජොලියෙන් ඉන්න චරිත දෙකක්.



from Gossip Lanka News & Video http://ift.tt/2yytvmE
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();