Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වීදී කොනේ සිංන්දුවෙන් හැමෝම සංවේදී කල දෑස් නොපෙනන ගායන තරුව අදීප කිව්ව කතාව

සිරස ජූනියර් සුපර් ස්ටාර් වේදිකාව පුංචි දක්‍ෂයන්ගේ ගායනා හැකියාව ලොවට හඬගා කියන අපූරු තෝතැන්නක් වී හමාරය. ඒ පුංචි දක්‍ෂයන් අතරින් “වීදි කොනේ” ගීතය ගයමින් විනිශ්චය මණ්ඩලයෙත්, බොහෝ ප්‍රේක්‍ෂක පිරිසක් අතරත් ආදරය දිනාගත් පුංචි තරුව ඔබට මතක ඇති. ඒ සුමීරක අදීප. හදගැස්මේ අපි කුරුවිටට ගියේ නොපෙනෙන ලෝකයට ගී ගයන මේ පුංචි දක්‍ෂයා ගේ ජීවිත කතාවයි මේ…

කොහොමද අදීප?
හොඳින් ඉන්නවා.

සම්පූර්ණ නම කියමුද?
මම සුමීරක අදීප ඉන්ද්‍රජිත් බණ්ඩාර ද සේරම්.

වයස කීයද?
අවුරුදු දහයයි.

ඉගෙන ගන්න පාසල?
රත්නපුර ශාන්ත ලූක්ස් විද්‍යාලය

කීවෙනි වසරෙද ඉගෙන ගන්නේ?
දැන් මම පහ වසරේ.

අදීපගේ පවුලේ විස්තරත් කියමු.
මගේ තාත්තා සේරම් ජයසුන්දර. අම්මා සුමිත්‍රා රණසිංහ. මට අක්කලා දෙන්නයි මල්ලි කෙනෙකුයි ඉන්නවා. අපේ මාමා ඉන්නෙත් අපිත් එක්ක.

අදීප සංගීතයට ගොඩක් ආසයි වගේ?
ඔව්. මම සංගීතයට ගොඩක් කැමැතියි.

ඔයාට ගායන හැකියාවක් තියෙනවා කියලා මුලින්ම හඳුනා ගත්තේ කොහොමද?
පෙර පාසලේ අවුරුදු උත්සවයේදී අම්මා මාව විකට ඇඳුම් තරගයකට ඉදිරිපත් කළා. ඒකේ මම ගායකයකුගේ චරිතයක් නිරූපණය කළේ. එදා මම “කිරි ඉතිරේවා නව වසරේ” ගීතය ගායනා කළා. එදා මගේ අම්මා ඒ ගීතය අහගෙන හිටියා. මම ලස්සනට ගීතය ගායනා කළා කියලා තමයි ගොඩක් අය කිව්වේ.

අදීප ගායනය හදාරනවාද?
ඔව්. මට සංගීතය උගන්නන්නේ නඳුන් හෙට්ටිආරච්චි සර්. අවුරුද්දක් වගේ කාලයක ඉඳන් මම සර්ගෙන් සංගීතය ඉගෙන ගන්නවා.

පාසලේදීත් ගායනා කටයුතුවලට සම්බන්ධ වෙනවාද?
ඔව්. පාසලේදී භක්ති ගීත, කැරොල් ගීත ගායනාවලට සම්බන්ධ වෙලා හැම අවුරුද්දකම සහතික අරගෙන තියෙනවා.

දැන් අදීප බොහෝ අය හඳුනන ගායන තරුවක් වෙලා?
ඔව්. හැමෝගෙන්ම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

ජූනියර් සුපර් ස්ටාර් වේදිකාවේදී අදීප ගායනා කළේ “වීදි කොනේ” ගීතය. ඒ ගීතය තෝර ගන්න විශේෂ හේතුවක් තිබ්බද?
මගේ අම්මා තමයි ඒ ගීතය මට තෝරලා දුන්නේ. මමත් ඒ ගීතයට ගොඩක් කැමැතියි.

අදීප දැන් හැමෝගේම අවධානය දිනාගෙනනේ ඉන්නේ. යාළුවෝ අදීපට මොකද කියන්නේ?
යාළුවෝ නම් මං ගැන ගොඩක් සතුටු වෙනවා. මම පාසල් ගියාම යාළුවෝ හැමෝම මට සුබ පැතුවා.

අදීප වැඩිපුරම කැමැති මොන සංගීත ශෛලියටද?
මම හැම සංගීත ශෛලියකටම කැමැතියි. හැම සංගීත ශෛලියකම ගීත ජූනියර් සුපර් ස්ටාර් වේදිකාවේදී ගායනා කරන්නත් මම බලාපොරොත්තු වෙනවා.

සිරස ජූනියර් සුපර් ස්ටාර් කිරුළ දක්වාම අදීපට යන්න පුළුවන් වෙයිද?
ඔව්. මම හිතනවා මට ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා. සිරස දැන් මගේ ගෙදර වගේ. සිරසේ හැමෝම මට ගොඩක් ආදරෙයි. මම වාසනාවන්තයි ඒ වගේ තරගයකට ඉදිරිපත් වෙන්න ලැබීම ගැන.

අදීපගේ ගායනයට අමතරව තිබෙන දක්‍ෂතා මොනවාද?
මට කී බෝඩ්, ඩ්‍රම් සෙට්, තබ්ලා වාදනය කරන්න පුළුවන්.

කොහොමද ඒ හැකියාව ප්‍රගුණ කළේ?
පුංචිම කාලේ මගේ අම්මා මට කෝටු කෑලි දෙකක් කපලා දුන්නා. මම කළේ ගෙදර තිබ්බ බාල්දිවලට, පිඟන්වලට තට්ටු කර කර වාදනය ඉගෙන ගන්න එක.

අදීපගේ හෙවණැල්ල අම්මා වගේ?
ඔව්. අම්මා තමයි මගේ පිටුපස්සෙන්ම ඉඳන් හැමදේකටම උදවු කරන්නේ. ඒ වගේම සංගීත කටයුතුවලදී අසේල මාමාත් මට උදවු කරනවා. ඒ වගේම මේ තරගයට සහභාගි වෙද්දී මගේ හැම වියදමක්ම දරන්නේ චමිල සර්. මම “බෝමළුවේ මල්” ගීතය ගායනා කරනවා යූ ටියුබ් එකේ දැකලා චමිල සර් මට උදවු කරන්න ඉදිරිපත් වුණා.

තරගයේ වැඩ කටයුතු නිසා අධ්‍යාපන කටයුතුවලට බාධා වෙන්නේ නැද්ද?
නැහැ. මම ඉගෙනීමේ කටයුතුවලට බාධාවක් කර ගන්නේ නැහැ.

අදීප සංගීතයට අමතරව කැමැතිම විෂය මොකක්ද?
මම පරිසරය විෂයට කැමැතියි. මම ස්වභාව ධර්මයට ගොඩක් ආදරෙයි. ස්වභාව ධර්මයේ දේවල් විඳින්න මම ආසයි. ගස් කපනවාට මම ආස නැහැ. මට දුකයි ගස් කපද්දි.

අදීප ජීවිතේ වැඩිපුරම ආදරේ කාටද?
මගේ අම්මට.

ඇයි ඒ?
පොඩි කාලේ ඉඳන් මගේ හැම හැකියාවකටම මුල් අඩිතාලම දැම්මේ මගේ අම්මා. මට ගායන හැකියාව තියෙනවා කියලා හඳුන ගත්තෙත් මගේ අම්මා. ඒ නිසා මගේ හදවතේ හැම වෙලාවේම ඉන්නේ අම්මා.

අදීප අනාගතයේදී කවුරු වෙන්නද කැමැති?
සංගීතය ඉගෙන ගෙන ඉදිරියට ගිහින් විශාරද කෙනෙක් වෙලා සංගීත ගුරුවරයෙක් වෙන්න තමයි මම කැමැති.

අදීපගේ හදවතේ රැඳුණු විශේෂම කෙනා ඔහුගේ අම්මා. ඇයගේ හිතේ මහා සම්පතක් විදියට අදීප රැකිලා තියෙන බව කියන්න වෙන වචන නම් අවශ්‍ය වෙන්නේ නැහැ. දෑස් නොපෙනෙන පුංචි පුතුගේ ගායන හැකියාව ලෝකයා ඉදිරියට ගෙනියන්න සවිය වන ඇය කී කතාවයි මේ.

“අදීප කියන්නේ මගේ තුන්වැනි දරුවා. මට තව දුවලා දෙන්නයි, පුතෙකුයි ඉන්නවා. අදීප පුතා මට ලැබෙන්න ඉද්දී මම හැම වෙලාවේම කළේ සින්දු අහපු එක. පුතා මගේ කුසේ ඉද්දිත් හරිම වෙනසක් මට දැනුණේ. එයා ලැබෙද්දීත් මට කිසිම වේදනාවක් දැනුණේ නැහැ. එයා ඉපදුණාට පස්සේ ඇඬුවොත් කිරි ටික දීලා සින්දුවක් අහන්න දෙනවා. එයා සින්දු අහගෙනම නිදා ගන්නවා.

මගේ පුතා ඉපදිලා අවුරුදු දෙකක් විතර යනකල් එයාගේ ඇස් පෙනීම හොඳට තිබුණා. ඊට පස්සේ තමයි පුතාගේ පෙනීම අඩුවුණේ. වෛද්‍යවරු කියනවා පුතාගේ පෙනීම ඇති කරන්න පුළුවන් කියලා. අවුරුදු ‍‍දොළහක් විතර ගියාට පස්සේ තමයි හරියටම ඒක කියන්න පුළුවන් කියලා වෛද්‍යවරු කිව්වේ”

“පුතා ගායනයට ගොඩක් දක්‍ෂයි. එයාට ගායනා හැකියාව තියෙන නිසා මම පෙර පාසලේ සංගීත ප්‍රසංගවලට, ගමේ සංගීත ප්‍රසංගවලට පුතාව බලෙන්ම ඉදිරිපත් කරනවා. මුල් දවස්වල නම් එයා බයයි. ඒත් දැන් එයා කිසිම බයක් නැතුව ගායනා කරනවා. ජූනියර් සුපර් ස්ටාර් තරගයට පුතාව දැම්මේ චමිල කියලා සර් කෙනෙක්. ඒ සර් අපිට උදවු කරනවා. මගේ පුතා හරිම වාසනාවන්තයි. පුතා හොඳ ගමනක් යයි කියලා මට විශ්වාසයි.”

yuy

ad21 adeepa



from Gossip Lanka News & Video http://ift.tt/2yHhnQx
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();