Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මධුසමය ගත කරන්න ගිය ජෝඩුව ව දොරේ හිලෙන් වීඩියෝ කරලා

කුලියාපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක මධු සමය ගත කිරීමට පැමිණි අලුත විවාහපත් යුවළකගේ මධුසමයේ දර්ශන වීඩියෝ කළැයි සැකයක් පවතින බව අදාළ අලුත විවාහපත් යුවළක් විසින් කුලියාපිටිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාළ යුවළ විසින් මධුසමය ගතකිරීම සඳහා කුලියාපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක සුඛෝපබෝගී කාමරයක් වෙන් කර ගත් බවත්, අදාළ හෝටල් කාමරයේ යහනට මුහුණලා දොරෙහි සිදුරු දෙකක් ඇති බව පසුව දැක ගන්නට ලැබුණු බවත් අදාළ යුවළ විසින් පැමිණිලි කර ඇත.

ඒ හේතුවෙන් රාත්‍රියෙහි හොටල් සේවකයෙකු විසින් ඔවුන්ගේ මධු සමයේ වීඩියෝ දර්ශන ලබාගත්තාදැයි සැකයක් පවතින බව ඔවුන් පවසයි.

අදාළ පැමිණිල්ලෙන් පසුව පොලීසිය විසින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර එම කාමරයේ දොරෙහි සිදුරු දෙකක් දක්නට ඇති බවත්, ඒ තුළින් සම්පූර්ණ කාමරයට දිස්වන බවද අනාවරණය වී තිබේ.

එමෙන්ම එම කාමරයට අමතරව තවත් කාමරයක දොරෙහිද එවැනිම සිදුරු දක්නට ලැබෙන බව වාර්තා වේ.

කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් ඇසික් දුටු සාක්ෂි නොමැතිවීමෙන් , සැකයක් මතු වුවුද ඔවුන්ගේ මධු සමයේ වීඩියෝ දර්ශන ලබා ගෙන නොමැති බවට විශ්වාස කරන බවත්, පොලීසිය විසින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් ආරංචි මාර්ග සඳහන් කරන අතර හෝටල් පාලනාධිකාරිය කියා සිටියේ අදාළ යුවළ විසින් වෙන් කරවාගත් හෝටල් කාමරය සඳහා මුදල් කොටසක් පමණක් ගෙවා ඇති බවත්, ඉතිරි මුදල් ගෙවීමට සිදු වනවාට මෙවැනි චෝදනාවක් එල්ල කරන බවයි.

The post මධුසමය ගත කරන්න ගිය ජෝඩුව ව දොරේ හිලෙන් වීඩියෝ කරලා appeared first on Gossip King.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();