ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රියාවට නංවන “හෙට දිනන ක්‍රිකට් තරු” වැඩසටහනින් “ගමට ක්‍රිකට්” ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සිදු කළ ප්‍රකාශයක් ආන්දෝලනයට තුඩු දී තිබෙනවා. මෙහිදි අමාත්‍යවරයා විසින් න්හිටද්පු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ඉලක්ක කරමින් ඔහුව විවේචනය කළ අයුරු දක්නට ලැබුනා.
වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා
” ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක් නොව සෑම ක්‍රීඩාවකම ජය පරාජය දෙකම තියෙනවා. කව්රුත් පැරදෙන්න ක්‍රීඩා කරන්නෙ නෑ. ක්‍රිකට් ක්‍රීඩකයන් ජය ගනිද්දී ඒ ජයග්‍රහණය බෙදා ගැනීමට බොහෝ දෙනෙක් ඉන්නවා. නමුත් පරාජය වනවිට මාවත් සභාපතිවරයාත් පතුරු ගහනවා”
“ක්‍රිකට් එක රැයකින් ජනප්‍රිය වූ ක්‍රීඩාවක් නොවෙයි. එසේම ක්ෂණික නූඩ්ල්ස් වගේ ක්‍රීඩකයන් හදන්නත් බෑ. ඒ සඳහා නිසි ක්‍රමවේදයක්. විධිමත් සැලැස්මක් අවශ්‍යයි. ඒ සැලසුම් හදන විට මුලින්ම කරන්නේ වමේ සිටින අය ඒවා විවේචනය කිරීමයි. දැන් මුළු ලෝකයම පිළිගෙන ඇති දෙයක් තමයි විශේෂයෙන් මෙම ක්‍රීඩාව සඳහා ශාරීරික අභ්‍යාස අවශ්‍ය බව. මාස ගණනක් පුරුදු පුහුණුවන අපේ ක්‍රීඩකයන් විවිධ ආබාධ නිසා තරගවලින් ඉවත් වෙනවා”
“ඉන්දියානු තරගයේදී පමණක් නොවෙයි ලාහෝර් මැච් එකේදීත් මේ දේ සිදුවුණා. එනිසා ක්‍රීඩකයන්ගේ පිට්නස් එක ගැන කතා කරද්දී සමහරු මාව විවේචනය කළා. මම කියන්නේ අපට මේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීමේ වගකීම භාරදෙන්න දැනට ඔය විවේචනය කර කර ඉන්න අය තමන්ට පවරාදී ඇති වගකීමවත් හරිහැටි ඉටුකරන්න”
“ක්‍රිකට් වලට පමණක් නොව අනෙක් සෑම ක්‍රීඩාවකටම ක්‍රීඩකයන් හට ශාරීරික අභ්‍යාසය අවශ්‍යයි. මේවා අවුරුදු 23-24 පහුවෙලා කිරීමට යාම එතරම් ප්‍රායෝගික නෑ. ඒ නිසාමයි වයස අවුරුදු 15-16 සිටම මේ කටයුතු මුලසිට ආරම්භ කරන්නේ. ක්‍රිකට් ක්‍රීඩාවේදී සෑම ක්‍රීඩකයෙක්ම අඩුම වශයෙන් තවත් එක් ක්‍රීඩාවක් හෝ පුරුදු පුහුණු කළ යුතුයි. ඉදිරියේදී මෙම කණ්ඩායම් පළාත් 5 කට වර්ගකොට සෑම පළාතකම එක් ක්‍රීඩා කණ්ඩායමක් සෑදීමට ද අප අදහස් කරනවා. අද නගරයට සීමාවී ඇති ක්‍රිකට් ක්‍රීඩාව පුහුණු සංචිත දැන් ගමට පැමිණ ඇතැයිද මේ තුළින් නිසි ප්‍රයෝජනය ගන්න ”
” ක්‍රිකට් පැරදුනාට මමවත් , සභාපතිවරයාත් පළි නෑ , ක්‍රිකට් පරාජය වෙනවා නම් ක්‍රීඩකයන්ගේ වැරැද්ද, දැන් ක්‍රීඩා අමාත්‍යංශයයි , ක්‍රිකට් ආයතනයයි දෙකම තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ, ඒ නිසා යූ ඇන් පී කාරයෝ මාවයි තිලංගලයිෙලවලා යූ ඇන් පී කාරයො ටිකක් දාගන්න දත කනවා”
” මහේල ලා සිදත් ලා එකතු වෙලා අකිල ක්‍රීඩා අමාත්‍යවරයා කරලා තිලංග වෙනුවට සිදත් සභාපති කරන්න සීරිකොතේ ගේමක් යනවා , මහජනතාව මේවා දන්නේ නෑ , නමුත් මම ඇමති වෙලා ඉන්නකම් තිලංග ඉවත් කරන්නේ නෑ , ජනාධිපතිතුමා බලයේ ඉන්නකම් මම ඉවත් කරන්න බෑ” යනුවෙන් ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් තිලංග ඉවත් කිරීමට ක්‍රිකට් ව්‍යවස්තාව වෙනස් කිරීමට උත්සාහ දරනා මහේල, සිදත් ඇතුලු පිරිස හෙළා දකිමින් බලයට කෑදර දයාසිරි සිදු කළ ප්‍රකාශය ක්‍රිකට් රසිකයන් වශයෙන් හෙළා දකිමු. දයාසිරිගේ මෙම ප්‍රකාශයට හේතුව මහේල , සිදත් ඇතුලු පිරිස ක්‍රිකට් ගොඩ නැගීම වෙනුවෙන් වන සිය යෝජනාව දයාසිරිට ලබා නොදි අකිලට ලබා දීමය. කෙසේ වෙතත් ක්‍රිකට් ව්‍යවස්තාව වෙනස් කිරීම වෙනුවෙන් වන එම යෝජනාව දයාසිරිට ලබා දුන්නා නම් දයාසිරි එම යොජනා ක්‍රියාත්මක කරනවා දැයි සැක සහිතය.
from Gossip Lanka News & Video http://ift.tt/2zx8vKk
via internet
0 Comments