වැලිමඩ ප්‍රදේශයේ බාල වයස්කාර දෙදෙනෙකු අතවර කල පුද්ගලයින් 5 දෙනෙකු වැලිමඩ පොලිස්සිය විසින් අත්තඩංගුවට ගෙන තිබෙනවා.අවුරුදු 19සහ 20 යන වයස් වල පසුවන තරුණයින් හතර දෙනෙක් සහ වයස අවුරුදු 16ක් වන තරුණයෙක්ද ඒ අතර සිට තිබෙනවා.මෙලෙස දුෂණයට ලක් වූ දැරියන්ගේ වයස අවුරුදු 14 සහ 15 වයස් වල පසුවන බාලවයස්කාර දැරියන් බවයි වාර්තා වන්නේ.
එම දැරියකගේ මවක් උදෑසනමවැලිමඩ රෝහල ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ තිබුණා.ප්‍රතිකාර ලබාගෙන රෝහලෙන් පිටතට පැමිණි විට එම එක් දැරියකගේ පෙම්වතා ලෙස පෙනී සිටි 16 හැවිරිදි තරුණයා ත්‍රීරෝද රථයකින් එම ස්ථානයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.පසුව දැරියන් දෙදෙනා මව එහි දමා ත්‍රීරෝද රථයේ නැගී පිටව ගොස් තිබුණා.
පසුදා වනතුරු දැරියන් නිවසට නොපැමිණි හෙයින් එම මව විසින් මේ පිළිබඳව වැලිමඩ පොලිසියට පැමිණිලි කර තිබෙනවා.පසු දිනයකදී එම එක් දැරියක් වැලිමඩ නගරයේ ගමන් කරමින් සිටියදී පොලිසියට හසුවී ඇති බවයි වාර්තා වන්නේ.එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදීයි පසුගිය 6 වනදා අදාළ තරුණයින් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත්තේ.
කෙසේ වෙතත් දැරියන් පවසා ඇත්තේ මෙම තරුණයින් පස්දෙනා විසින් ඔවුන් වැලිමඩ සුපිරි වෙළඳසැල ආසන්නයේ වූ එක් අලෙවිසැලක රඳවා තබා ගනිමින් අතවරයට ලක්කළ බවයි.මේ වනවිට පොලිසිය විසින් එම දැරියන් බදුල්ල මහා රෝහලේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකර තිබෙනවා. සැකකරුවන් අද (10) දින වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
උපුටා ගැනීම hirunews.lk
from Gossip Lanka News & Video http://ift.tt/2Aq4whP
via internet
0 Comments