Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තෙල් හිඟයට විරෝධතා දක්වන්න වයඹ මන්ත්‍රීවරු කරත්තෙත් සභාවට පැමිණෙයි

ඉන්ධන හිඟයට විරෝධය පළකරමින් ගොන් කරත්තයකින් අද (7දා) පෙරවරුවේ වයඹ පළාත් සභාව වෙත පැමිණි එහි ඒකාබද්ධ පිල නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිස, සභා  රැස්වීමේදී රජයට එරෙහිව සභාව තුළ සටන් පුවරු හා බැනර් ප්‍රදර්ශනය කොට, ඉන්ධන හිඟයට විරෝධය පා සභාවෙන් පිටවී ගියහ. ඒකාබද්ධ පිලට අයත් මන්ත්‍රීවරුන් රජයට එරෙහිව හඬනගමින් සභාවෙන් පිටව යන අවස්ථාවෙහි ආණ්ඩු පක්ෂ වෙනුවෙන් සභාව තුළ රැඳී සිටියේ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා ප්‍රමුඛ ඇමැතිවරුන් දෙදෙනකු පමණි.

ඊයේ සභාව රැස්වූයේ සභාපති ටිකිරි අධිකාරි මහතාගේ ප්‍රධානත්වයෙනි. න්‍යාය පත්‍රයට අදාළව සභාවේ වැඩකටයුතු කරගෙන ගියද මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික ප්‍රකාශ යටතේ එහිදී මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම ඉදිරිපත් කරන ලද්දේ පෞද්ගලිකව තමන්ට අදාළ වූ කරුණුවලට වඩා රජයට එරෙහි ප්‍රකාශයන්ය.

සන්ධ්‍යකුමාර රාජපක්ෂ, සමන්ප්‍රිය හේරත්, ඩී.බි. හේරත්, ආර්.එම්.එම්. රත්නායක සහ සුමිත් රාජපක්ෂ යන මන්ත්‍රීවරුන් එහිදී කරුණු දැක්වූයේ රජයේ වත්මන් වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඔවුන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කරමිනි. සුමිත් රාජපක්ෂ මහතා කතා කරමින් සිටියදී ඩී.බි. හේරත් මහතා ප්‍රමුඛ ඒකාබද්ධ කණ්ඩායම නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිස බැනර් හා සටන් පුවරු ඉහළට ඔසවා ගනිමින් රජයට එරෙහිව හඬනගන්නට වූහ.
මෙහිදී විපක්ෂ නායක ශමල් ප්‍රසන්න සේනරත් මහතා ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමද එහිදී ඒකාබද්ධ කණ්ඩායමට එරෙහිව හඬ නගන්නට වීම නිසා සභාව තුළ පැවැතියේ මහත් වූ ගාලගෝට්ටියකි. එහිදී මුලසුන හෙබවූ සභාපති ටිකිරි අධිකාරි මහතාටද සභාව පාලනය කිරීම අසීරු විය. ඒකාබද්ධ පි‍ලේ කණ්ඩායම මෙහිදී රජයට අප්‍රසාදය පළකරමින් බැනර් හා පුවරු ඔසවාගෙනම සභාවෙන් එළියට යාම නිසා මුලසුනෙහි සිටි සභාපඵතිවරයා සභාවේ කටයුතු සුළුවේලාවකට අත්හිටුවීය.
wayaba-palathsabawa

කුරුණෑගල ජේ.එම්. මහරුෆ්/ බි.ටී.ආර්. රොඩ්රිගෝ – කුරුණෑගල/ කමලා අතරගල්ල – දොඩම්ගස්ලන්ද



from Gossip Lanka News & Video http://ift.tt/2zq5lYH
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();