Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දූෂණ චෝදනා මත සවුදි රජකුමාරවරු 11 ක්‌ අත්අඩංගුවට – ඔටුන්න හිමි කුමරුට ඉමහත් ප්‍රසාදයක්‌

සවුදි රජය සුපිරි කෝටිපති ව්‍යාපාරිකයකුවූ අල්වාලිද් බින් තලාල් කුමරු ඇතුළු 49 ක්‌ අත්අඩංගුවටගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර ඔසාමාබින්ලාඩන් නැමැති ත්‍රස්‌ත නායකයාගේ සොහොයුරාද වේ. දූෂණ විරෝධි මෙහෙයුම යටතේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔටුන්න හිමි කුමරා මොහමඩ් බින් සල්මාන්ගේ නියෝග මතය. අත්අඩංගුවට ගනු ලැබූ අල්වාලිද් කුමරු සවුදි රජුගේ සමීපතම ඥාතියෙකි. ඇමරිකාවේ සිටි ගෘප් සහ ටුවිටර් සමාගමේ කොටස්‌කරුවකු වේ. ඔහුඣ් ලොව සාර්ථක සමාගමක්‌වූ කින්ඩම් ගෝල්ඩන් සමාගමේ සභාපතිවරයායි.

සවුදි නිල නොවන ආරංචි මාර්ග පැවසුවේ අත්අඩංගුවට ගනු ලැබූවන් අතර කුමාරවරු 11 ක්‌ සිටින බවයි.

මෙම පිරිස අත්අඩංගුවට ගැනීමත් සමඟම සවුදි ජාතික ආරක්‍ෂක බලකාය ප්‍රභූ ආරක්‍ෂක ඒකකය සහ නාවික හමුදාවේ ප්‍රධානින්ද වෙනස්‌කර ඇත. මෙම දූෂණ විරෝධි මෙහෙයුම පසුගිය සෙනසුරාදා දියත්වූයේ සවුදි රජු සල්මන් බින් අල් සවිද් නිකුත් කළ ආඥවක්‌ මතය. එම දූෂණ විරෝධී මෙහෙයුමේ ප්‍රධානියා ලෙස ඔටුන්න හිමි කුමරු මොහමඩ් බින් සල්මන් පත්කර ඇත. අල් අරාබියා පුවත්පත පැවසුවේ හිටපු ඇමැතිවරුන් 11 ක්‌ අත්අඩංගුවේ පසුවන බවයි.

එසේම ලොව ධනවතුන්ගෙන් එක්‌ අයෙක්‌වූ ඔහුට අල්වාලිද් බින් තලාල් සිරගෙට යවා ඇති බවද එම පුවත්පත කියාසිටියි. මේ අතර ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මන්ට රටේ තරුණ පරපුර අතර ඉමහත් ප්‍රසාදයක්‌ හිමිවී ඇත. ඔහු පසුගියදා කාන්තාවන්ට වාහන පැදවීමේ අවසරයද ලබාදීමට ක්‍රියාකළේය. සවුදි අරාබියාවේ සිදුවී ඇති බලපෙරලිය ගැන නිලනොවන ආරංචි මාර්ග පැවසුවේ හිටපු මුදල් ඇමැති ඉබ්‍රාහිම් අල් අසාවද් ආර්ථික ඇමැති අදෙල් පාකියා, රියාද්හි හිටපු ආණ්‌ඩුකාර ටර්කි බින් අබ්දුල්ලා යන රාජකීය අධිකරණයේ ප්‍රධානි කාලිද් කුමාර්ජිද අත්අඩංගුවේ පසුවන බවයි.

සෞදි රජ කුමරෙක් හෙලිකොප්ටර් අනතුරකින් මිය යයි..!

සෞදි අරාබි රජ පවුලේ ජ්‍යෙෂ්ඨ කුමාරයකු සහ තවත් නිලධාරීන් හත් දෙනෙකු යේමන් දේශසීමාව අසල සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරකින් මරණයට පත් වූ බව සෞදි රාජ්‍ය මාධ්‍ය නිවේදනය කරයි.
එම අනතුරෙන් ජීවිතක්‍ෂයට පත් මන්සූර් බීන් මුක්රින් (Prince Mansour bin Muqrin) කුමරු අසීර් (Asir) ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා විය.
ඉරිදා (05) දිනයේ නිරීක්ෂණ චාරිකාවක නිරතව සවස් භාගයේ ආපසු පැමිණෙමින් සිටි මුක්රින් කුමරුන් රැගත් හෙලිකොප්ටර් යානය සෞදි-යේමන් දේශ සීමාවේ ‘අබා’ (Abha) ප්‍රදේශයේ දී කඩා වැටී ඇතැයි සෞදි අරාබි අභ්‍යන්තර කටයුතු භාර අමාත්‍යාංශය පවසයි.

අනතුරට හේතුව කුමක්ද යන්න එම නිවේදනයේ සඳහන් නොවේ. එහෙත් එම අනතුර වාර්තා වන්නේ සෞදි අරාබියේ දේශපාලන සහ ව්‍යාපාරික නායකත්වය සම්බන්ධයෙන් සිදු කෙරුණ විශාල බල පෙරළියකින් පැය කීපයකට පසුවය.
දූෂණ මැඩලීමේ සෞදි ආයතනයට නායකත්වය දෙන දැනට තිස් දෙහැවිරිදි, ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් (Mohammed bin Salman) කුමරුන් විසින් දෙන ලද නියෝගයක් අනුව, කුමාරවරුන් එකොළොස් දෙනෙක්, ඇමතිවරුන් හතර දෙනෙක් සහ හිටපු ඇමතිවරුන් ගණනාවක් රඳවා තබා ඇති බව ඉරිදා (නොවැ.05) වාර්තා විය. එම අනපේක්ෂිත පියවර මගින් පෙන්නුම් කෙරෙන්නේ ඔටුන්න හිමි කුමරා සිය බලය ශක්තිමත් කර ගැනීමට ගනු ලබන ප්‍රයත්නය යයි විශ්ලේෂකයෝ පවසති.

මන්සූර් බීන් මුක්රින් (Prince Mansour bin Muqrin) කුමරු සෞදි අරාබියේ බුද්ධි අංශයේ හිටපු ප්‍රධානියකු වන මුක්රීන් බීන් අබ්දෙලාසිස්ගේ (Muqrin bin Abdulaziz) පුත්‍රයාය.
ඔටුන්නට හිමිකම් කියන ලද යුවරජව සිටි මුක්රීන් බීන් අබ්දෙලාසිස්, දැනට ඔටුන්න හිමි මොහොමඩ් බීන් සල්මාන් (Mohammed bin Salman) කුමරාගේ පියා වන 81 හැවිරිදි සල්මාන් රජතුමා විසින් 2015 ජනවාරි මාසයේ ඉන් ඈත් කරනු ලැබුණි.

මන්සූර් බීන් මුක්රින් කුමරාගේ අභාවය නිවේදනය කරන සෞදි අභ්‍යන්තර කටයුතු භාර අමාත්‍යංශය එම කුමරා සහ තවත් නිලධාරීන් හත් දෙනෙකු ඉරිදා උදෑසන හෙලිකොප්ටර් යානයකට ඇතුල් වූ බව සඳහන් කරයි.
එහි දැක්වෙන පරිදි සෞදි අරාබියේ බටහිර නගරයක් වන ‘අබා’ හි වෙරළාසන්න ව්‍යාපෘතී කිහිපයක් අධීක්ෂණය කිරීම එම සංචාරයේ අරමුණ විය. “ඉරිදා හවස කණ්ඩායම රැගත් හෙලිකොප්ටරය ආපසු පියාසර කරමින් තිබියදී හිටි අඩියේ යානය සමඟ පැවති සබඳතා ඇනහිටී අතර එය රේඩාර් තිරයෙන් මැකී ගියා. සෝදිසි මෙහෙයුමේ දී යානයේ සුන්බුන් සොයා ගත්තා” සෞදි අරාබි මාධ්‍ය මධ්‍යස්ථානය මගින් නිකුත් කරන ලද අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ ප්‍රකාශයේ සඳහන් වේ.
සෞදි අරාබිය වසර දෙක හමාරක පමණ කාලයක් තිස්සේ පවතින යේමන් සිවිල් යුද්ධයේ දී ජාත්‍යන්තර මට්ටමින් පිළි ගැනීමට ලක්වෙන යේමන ආණ්ඩුවට සහයෝගය දක්වයි.

මෙම හෙලිකොප්ටර් යානා අනතුර සහ යේමනයේ පවතින ගැටුම් අතර සම්බන්ධතාවක් ඇති බවක් සෞදි අභ්‍යන්තර කටයුතු භාර අමාත්‍යංශ නිවේදනයේ සඳහන් නොවේ. එහෙත් පසුගිය සෙනසුරාදා (නොවැ. 04) සෞදි අරාබි හමුදාව යේමනයේ හූති (Houthi) කැරලිකරුවන් විසින් එල්ල කරන ලද බැලිස්ටික් මිසයිල ප්‍රහාරයක් රියාද් අගනුවර ආසන්නයේ දී වළක්වාලමින් එය විනාශ කරන ලද බවක් වාර්තා විය. එම මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාරය දක්වන රියාද් පාලනය යේමනය සමඟ ඇති සියලු ගුවන්-මුහුදු සහ සියලු ගොඩබිම් මාර්ග වසා දමන බව ඉරිදා (නොවැ.05) නිවේදනය කර තිබුණි.
අදාළ මිසයිල සැපයීම සම්බන්ධයෙන් සෞදි අරාබිය ඉරානයට චෝදනා කරයි.

1 2 3 4 5



from Gossip Lanka News & Video http://ift.tt/2m0dmR4
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();