ඊයේ උදේ ගැබිණි බිරිදක් තම සැමියාත් සමග යතුරුපැදියෙන් ගමනක් යද්දී යතුරුපැදියෙන් ඇද වැටෙනවා. මේ අනතුරින් සති 36ක් කුසක් දරාගෙන සිටි මව අසාධ්‍ය තත්වයට පත්වෙනවා. මේ මව වහාම රැගෙන එන්නේ රාජාංගන රෝහලට. වෛද්‍යවරයා තේරුම් ගන්නවා මේ මව අනුරාධපුර රෝහලට වහාම ඇතුලත් නොකොට ගැබිණි මවගේ දරුවාගේ ජීවිතය අනතුරේ බව.
ගිලන් රථය තිබුනට ගිලන් රථයේ රියදුරා නිවාඩු ගිහිල්ලා වෛද්‍යවරයා කරන්නේ පිටස්තර රියදුරෙකු සමග එම ගිලන් රථයෙන් ගැබිණි මව අනුරාධපුර මහා රෝහලට රැගෙන යාමයි. වෛද්‍යවරයාගේ ඒ උතුම් ක්‍රියාවෙන් මේ ජිවිත දෙක බේරා ගත් ඔහුට හැකියාව ලැබෙනවා. කොහොම වුනත් අර නිවාඩු ගිහින් හිටපු රියදුරයි තවත් වෘත්තීය සමිති නායකයෙකුයි වෛද්‍යවරයාට සුදුසු නැති රාජකාරියක් කලා කියලා ඔහුට විරුද්ධව කටයුතු කරන්න කියලා බලධාරීන්ට බලපෑම් කරනවලු.
උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා විගණන ඒකකය මේ පැමිණිල්ලට අනුව අදාල වෛද්‍යවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා බවටත් ආරංචි පැතිරෙනවා. ගිලන් රථ වෘත්තීය සමිති සංගමයේ නායකයා වෛද්‍යවරයා ගිලන් රථය අවභාවිත කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ චෝදනා කර ඇති බවටත් ආරංචි ලැබෙනවා.
The post අපුරු වෘත්තීය සමිති ලොක්කෙක් appeared first on Gossip King.
0 Comments