Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඒවා කියන්න ගියොත් මේ රටේ ප්‍රසිද්ධ චරිත කීදෙනකුට එළියට එන්න වෙයිද දන්නේ නෑ – ශිහාන් මිහිරංග

Related image
The post ඒවා කියන්න ගියොත් මේ රටේ ප්‍රසිද්ධ චරිත කීදෙනකුට එළියට එන්න වෙයිද දන්නේ නෑ – ශිහාන් ශිහාන් මිහිරංග කියන ගායකයා ජීවිතේ වැඩියෙන්ම සතුටක් ලබන්නේ මොනවගේ දේවල්වලින්ද?
නිදහස තුළින්…. මේ හැමදේකින්ම නිදහස් වෙලා ගෙවන තත්පරය පවා මට ලොකු සතුටක්.
එතකොට ඔබ වැඩියෙන්ම දුක් වෙන්නේ?
මම ජීවිතය ගොඩනගන විට බිංදුවට වැටුණු අවස්ථා තිබුණා. රැවටීම්වලට ලක්වූ අවස්ථා තිබුණා. වැරදුණු අවස්ථා තිබුණා. ඒවා කියන්න ගියොත් මේ රටේ ප්‍රසිද්ධ චරිත කීදෙනකුට එළියට එන්න වෙයිද දන්නෑ.
ඔබට දුක් දුන්නේ ප්‍රසිද්ධ චරිතද?
මම කතා කරන්නේ අවුරුදු 19 වෙනකල් ගෙවිලා ගිය සැහැල්ලු ජීවිතේ නමෛයි. කිසිදෙයක් දන්නේ නැති අවුරුදු 19ක පාසල් ශිෂ්‍යයකු විදියට ක්‍ෂේත්‍රයට ඇවිල්ලා මේ අවුරුදු 12 තුළ විඳි අනන්ත අප්‍රමාණ අත්දැකීම් හා ඊට දායක වූ අය ගැන.
ඒවා ප්‍රසිද්ධියේ කියන්න ගියොත් ඇති වන අතුරු ප්‍රශ්න ශිහාන්ට තවත් දුකක් එකතු කරයි කියලා බයක් තියෙනවාද?
කිසිම බයක් නැහැ. ඉදිරියේදී මම ‍පොතක් විදියට ඒ සිදුවීම්වලට සම්බන්ධ අයගේ නම් ගම් සහිතව ඒ හැමදේම ලියනවා. කලාවට එන අලුත් කොල්ලෙකුට මුහුණ දෙන්න සිදුවන සැබෑම කටුක අත්දැකීම් ඇතුළත් ඒ ‍පොත නිකුත් වුණාට පස්සේ මම ‍නෙවෙයි බොහෝ ප්‍රසිද්ධ, ප්‍රවීණ චරිත නම් බයවෙයි.
කලාව හැරුණාම සමස්ත ජීවිතය තුළදීම විඳි සතුටුදායක හා දුක්බර අත්දැකීම් සිහිපත් කළොත් ?
අවුරුදු 28 වෙද්දී මම තාත්තා කෙනෙක් වුණා. 30 වෙද්දී දරු දෙන්නෙකුගේ තාත්තා කෙනෙක් වුණා. ඒක තමයි සතුටුම අත්දැකීම. දුක්බර අත්දැකීම මගේ තාත්තාගේ අභාවය. ඇත්තටම තාත්තා නැතිවුණ දා දැනුණු දුකට වඩා දුකක් දැනෙන්නේ අද ජීවිතේ යම් ප්‍රශ්න ආවම ර්‍ණතාත්තා හිටියනම්” කියන හැඟීම හිතට එන වෙලාවටයි.
අද තිස් දෙවැනි වියේ ඉඳන් සුපර් ස්ටාර් තුළින් ආපු 19 වැනි වියේ පසුවූ හුරුබුහුටි ගැටවරයා සිහිපත් කරන කොට දුකක් හිතට එනවාද?
දුකක් එන්නෙත් නැහැ. සතුටක් එන්නෙත් නැහැ. ලොකු ලැජ්ජාවක් නම් එනවා.
ඇයි ඒ ?
මට මතකයි ඒ දවස්වල ගෑනු ළමයිගෙන් මට ලොකු ආකර්ෂණයක් තිබ්බා. ඒවා දකින කොට සමහර කොල්ලෝ කියනවා. ර්‍ණඇයි මූට මැරෙන්න හදන්නේ… මූට මොනවාද තියෙන්නේ” කියලා. වයස 19-20 මගේ පින්තූර, වීඩියෝ අද දකිද්දී මට පෙනෙන්නේ ඇට සැකිල්ලකට ඇඳුමක් අන්දලා වගේ පෙනුමක්. ඒ පින්තූර දකිද්දී මටත් අද හිතෙනවා ර්‍ණකෙල්ලෝ මූට මැරෙන්න හැදුවේ ඇයි… මූට මොනවද තියෙන්නේ” කියලා.
ඒ කියන්නේ ශිහාන් වඩා සතුටු වන්නේ අද තියෙන පෙනුමට?
නෑ. හෙට දවසේ පෙනුමට. රැවුල ටිකක් සුදුවෙලා, කොණ්ඩෙ ලාවට සුදුවෙලා, මූණ ටිකක් වෙනස් වෙලා, ඇඟපතත් වෙනස් වෙලා වැඩිහිටි බවක්, පරිණත පෙනුමක් ලැඛෙන තුරු මං ආශාවෙන් බලාගෙන ඉන්නවා.
ශිහාන් තැනකට ගියාම ගෑනු ළමයි පිස්සු වැටිලා වටකර ගත්තු යුගය අද සිහිවන විට දැනෙන්නේ සතුටක්ද දුකක්ද?
සතුටකුත් නමෛයි, දුකකුත් නමෛයි. සාමාන්‍ය හැඟීමක්.
ඔහොම කිව්වට විවාහයත් එක්ක කාන්තා ආකර්ෂණය අඩුවෙලා ගිය එක ගැන නම් පුංචි දුකකුත් හිතේ ඇති?
අවිවාහක තරුණයන්ට ලැඛෙන කාන්තා ආකර්ෂණය නම් විවාහයත් එක්ක නැතුව ගියා. හැබැයි ඉතින් විවාහක පිරිමින්ට ආකර්ෂණය වන කාන්තාවෝ පිරිසකුත් මේ රටේ ඉන්න බව ඔයා තවම දන්නේ නැතුව ඇති.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();