Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිදා සිටි පුංචි මල් කැකුල බිලි ගත් ගල් පර්වතය

මෙම අවාසනාවන්ත සිද්දියට මුහුණ පා ඇත්තේ උදාරි සෙහාරා දෙක ශ්‍රේණීයේ ඉගෙනුම ලැබූ 7 හැවිරිදි ශිෂ්‍යාවකි. පවතින අධික වර්ෂාව සමඟ මෙය සිදුව තිබේ

මෙම අනතුර සිදුව ඇත්තේ පේරාදෙණිය ගලහා මාර්ගයේ මහකන්ද ප්‍රදේශයේ දීය, ඇගේ මිත්තනිය ද තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර තිබෙන බව සදහන්.

පසුගිය 28 වනදා රාත්‍රි 8.00 ට පමණ මෙම විපත සිදු වී තිබේ. නිවසේ සාලයේ නිදා සිටි දැරිය වර්ෂාව නිසා සීතල යෑයි පවසා මිත්තනිය සිටි කාමරයට ගොස්‌ ඇගේ ඇඳේ නිදාගෙන ඇති අතර, ඒ අවස්‌ථාවේ මිත්තනිය ඇඳේ වාඩි වී ඇඳුමක්‌ මසමින් සිට ඇත.

නිවසට ඉහළින් ඇති කඳු මුදුනේ සිට පෙරළී ආ ගලක්‌ වහළය ද කඩාගෙන මොවුන් නිදා සිටි ස්‌ථානයට වැටී ඇත්තේ එවිටයි.

දැරියගේ හිස මතට ගල වැටී ඇති අතර, ඇගේ මිත්තනියද අනතුරින් බරපතළ තුවාල ලබා තිබුනා.

තුවාල ලැබු දැරිය සහ ඇගේ මිත්තනිය ප්‍රථිකාර ලෙස පේරාදෙණිය රෝහලට රැගෙන ගියද අවාසනාවන්ත ලෙස දැරිය මියගොස් තිබෙන බව සදහන්.

කෙසේ වෙතත් අනතුරට ලක්වූ නිවස සහ ඔවුන්ගේ අසල්වැසියන්ගෙ නිවෙස් වලට ඉහලින් තවත් මෙවැනි අනතුරුදායක ගල් විශාල ප්‍රමාණයක් තිබෙන බවත් එය ප්‍රදේශවාසීන්ගේ ජීවිත වලට තර්ජනයක් බවත් ගම්වාසීන් පවසනවා

The post නිදා සිටි පුංචි මල් කැකුල බිලි ගත් ගල් පර්වතය appeared first on Gossip King.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();