ලොව ජීවත්වන හින්දු බැතිමතුන් අද දින දීපාවලී උත්සවය සමරනවා. දීපාවලී උත්සවය වෙනුවෙන් අද දින හින්දු කෝවිල්වල විශේෂ ආගමික වතාවත් රැසක් ද සිදු කෙරෙනවා.
අද ලොව පුරා හින්දු බැතිමතුන් මහත් බැතියෙන් දීපාවලිය සමරනවා. දීපාවලී කියන්නේ පහන්වල දැල්වෙන එළිය මෙන් මිනිසාගේ සිත් තුළ තිබෙන අඳුර දුරලා ආලෝකය ළගා කර ගැනීමයි. ඉතිහාසයේ මේ දීපාවලී උත්සවයට මුල්වූ විවිධාකාර හේතු රාශියක්ම පවතින බව සඳහන් වනවා. ලක්ෂ්මී දෙවියන්ගේ උපන් දිනය දීපාවලී ලෙස සැමරීම මින් එක් හේතුවක්.
බලි නම් අසුර රජු සිරකර ගෙන සිටි ලක්ෂ්මි දේවිය විශ්ණු දෙවියන්ගේ පස්වෙනි අවතාරය ලෙසින් සැලකෙන වාමන අවතාරය විසින් බේරාගත් දිනයද දීපාවලී ලෙස ඇතැම් අය සලකනවා. වඩාත් ප්රකට හේතුව වන්නේ කි්රෂ්ණා දෙවියන් විසින් නරකාසුරයන් පරාජය කළ දිනය දීපාවලි ලෙසයි. මීට අමතරව තවත් හේතු ගණනාවක්ම දීපාවලියේ ආරම්භයට හේතු වී ඇති බවට හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි.
කෙසේ වෙතත් අයහපත පරදා යහපත ළගා කර ගත් මේ දිනය එදා සිට ලොව පුරා හින්දු බැතිමතුන් මහත් බැතියෙන් යුතුව සමරනවා. අද යෙදී ඇති දීපාවලී දිනය නිමිත්තෙන් දිවයින පුරා හින්දු කෝවිල් මුල් කර ගනිමින් විශේෂ පුද පූජාවන් සිදු කෙරෙනවා.
හින්දු ජනතාව මේ උත්සවය සමරන්නේ තම නිවෙස්වල පහන් දැල්වීමෙන්. මේ පහන් දැල්වීම හරහා සිත් තුල අඳුර දුරුවී ආලෝකය ඇතිවනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
The post අඳුර පරදා ආලෝකය කැඳවන දීපාවලී අදයි appeared first on Gossip King.
0 Comments