Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අංගොඩ ලොක්කාගේ මවගෙන් සහ සහෝදරියගෙන් DNA සාම්පල් ලබා ගැනේ

ලසන්න චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කාගේ මව සහ සහෝදරිය රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර DNA සඳහා අවශ්‍ය අදාළ රුධිර සාම්පල ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
 
ඒ අනුව එම රුධිර සාම්පලවලින් ලබා ගන්නා DNA රටා ඉදිරියේදී ඉන්දියානු බලධාරීන් වෙත යැවීමට නියමිතය.
 
එමගින් අදාළ මරණය සනාථ කරගැනීමට හැකියාව ලැබෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.
 
ඉන්දියාවේදී මියගිය බවට තොරතුරු වාර්තා වූ අංගොඩ ලොක්කාගේ මරණය සනාථ කිරීම සඳහා ඔහුගේ මවගේ සහ සොහොයුරියගේ DNA සාම්පල ලබා ගැනීම සඳහා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();