Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පරිසර අමාත්‍යාංශය මේ වන විට පැළ ලක්ෂයක් සිටුවා අවසන් ඇමැති මහින්ද අමරවීර

පරිසර අමාත්‍යාංශය මඟින් සෑම සති අන්තයකම විවිධ පැළ වර්ග 5000කට අධික ප්‍රමාණයක් රෝපණය කරන බවත්, ගත වු මාස තුන තුළ පැළ ලක්ෂයක් පමණ රෝපණය කිරීමට පියවර ගත් බවත් පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

පරිසරය රැක ගැනීම පමණක් නොව රජය මේ වන විට විශාල සංවර්ධන වැඩ සටහන් රැසක් ආරම්භ කර ඇති අතර ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීම, අධීවේගී මාර්ග ව්‍යාපෘති මෙන්ම නාගරික නිවාස ව්‍යාපෘති වැනි සංවර්ධන වැඩ සටහන් රැසක් ඒ අතර වන බවද ඇමැතිවරයා කීවේය.

නැකතට පැළයක් යන තේමාව යටතේ අප්‍රේල් මස 16 දින පෙරවරු 6.40ට යෙදෙන රුක්රෝපණ ජාතික රුක්රෝපණ නැකතේ දී රෝපණය කිරීමට අවශ්‍ය පැළ ලබා ගැනීමට බීජ සිටුවීමේ වැඩ සටහනක් රූමස්සල දී පැවැත්වුණු අවස්ථාවේ ඊට සහභාගී වෙමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය. මෙම අවස්ථාවට ගාල්ල නියෝජ්‍ය පොලිස් අධිකාරි ඩී.වී. ගිනිගේ මහතා සහ දකුණු පළාත් පරිසර අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් සහභාගී වුහ.

එහිදී ඇමැතිවරයා මෙසේද කීය.

ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කෙරෙන්නේ කිසිදු රජයක් යටතේ අවධානයට යොමු නොවු මාර්ගයි. ඒවා සංවර්ධනය කිරීමේ දී වැලි, කළුගල්, හා පස් අවශ්‍යයි. ඒ වගේම ඇතැම් පාරවල් අසල ඇති ගස් පවා ඇතැම් අවස්ථාවල ඉවත් කිරීමට සිදු වනවා. අප උපදෙස් දී තිබෙන්නේ හැකි තරම් එවැනි අවස්ථාවල ගස් නොකපා එම සංවර්ධන කටයුතු කරන ලෙසයි. සංවර්ධන ව්‍යාපෘතිවලදී වැලි , කළුගල්, හා පස් අපට පිට රටින් ආනයනය කරන්න බැහැ. ඒවා අප රටෙන්ම ලබා ගත යුතුයි. නමුත් අද සමහරු විශාල පරිසර හානියක් සිදු වනවා යැයි චෝදනා කළත් එහි සත්‍යතාවක් නෑ. දේශපාලනය හා මුදල් බලය යොදාගෙන පරිසර හානි හානි කළ පුද්ගලයන් සම්බන්ධව අප නීතියට අනුව පියවර ගෙන තිබෙනවා. ඒ අතර සමහර දේශපාලනඥයන්ගේ හිතවතුනුත් ඉන්නවා. පරිසරය විනාශ කරනවා නම් ඊට එරෙහිව කටයුතු කරන්න අපි සූදානම්. අපේ පරිසර නිලධාීන් පරිසරය රැක ගැනීම සඳහා විශාල වැඩ කොටසක් කරනවා. සමහර නිලධාරීන් ජාවාරම්කරුවන්ගේ ප්‍රහාරවලට පවා ලක් වී තිබෙනවා.

ඒ වගේම තවත් සමහරු ඉන්නවා ජාවාරම්කරුවන්ගේ මුදල්වලට යට වී සේවය පැහැර හරින. ඒ අය නිසා තමයි අද මෙවැනි පාරිසරික ගැටලු ඉස්මතු වෙලා තිබෙන්නේ. දාරළුව දුම්රිය ස්ථානය ඉදිරිපිට තිබෙන දුර්ලභ ශාඛයක් ඉවත් කිරීමට තැත් කිරීමක් සම්බන්ධව මාධ්‍ය වාරතා කළා. ඒ අවස්ථාවේම මා මාර්ග සංවර්ධන අධිකාරියටත්, වනසංරක්ෂණ ලේකම්ටත් කතා කළා. ඒ දුර්ලභ ශාඛය විනාශ කරන්න එපා කියා මා උපදෙස් දුන්නා.

පරිසරය හා සංවර්ධනය යන දෙක සමතුලිතව පවත්වාගෙන යාම අසීරුයි. සංවර්ධන වැඩ සටහන්වල දී කිසියම් පාරිසරික හානියක් සිදු වනවා. විශේෂයෙන් ශාඛවලට. නමුත් අප හැකි තරම් ශාක රෝපණය කිරීමේ වැඩ කටයුතු අරඹා තිබෙනවා. සෑම සති අන්තයකම අප පරිසර අමාත්‍යංශය විදියට පැළ 5000ක් රෝපණය කරනවා.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();