Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වැලන්ටයින් සාද පිළිබඳ පොලිසිය අවධානයෙන්

සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශවලට පටහැනිව එළඹෙන 14 වැනි දාට යෙදී තිබෙන වැලන්ටයින් දින සාද පවත්වන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කරන පරිදි මෙම දිනය සැමරීමට විවිධ නීතිවිරෝධී සාද, ප්‍රියසම්භාෂණ, සමාජ ජාල හරහා සංවිධානය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
 
සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරයකින් තොරව කිසිම ආකාරයක සාද, ප්‍රියසම්භාෂණ පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();