
“1991 යාපනය කොටුව බේරා ගන්නා සටනේදී ඔබ සතුරා ඉදිරියේ තබා ගෙන විවෘත භුමිය හරහා ගොස් අනතුරට පත්වූ අවස්ථාවේ ඔබ හා ඔබේ බලඇණියේ ජිවිත බේරා ගත්තේ එදා මා ඇතුළු 1වන සිංහ රෙජිමේන්තු බලඇණියයි. අද වසර 30 කට පසු 2021දී දේශපාලන පිටියේ ඔබ යලිත් එම අත්වැරදීම නොකරනු ඇතැයි මා බලාපොරොත්තු වෙමි.
දැන් ඔබේ කඳවුරේ අණ සහ පාලනය බිඳ වැටි ඇති බව ඉතාම පැහැදිලියි. ඔබට ජන්දය දුන් 69 ලක්ෂයක ජනතාවම ඔබව හාස්යයට ලක් කිරීමෙන්, ඔබ දේශපාලනිකව තනිවී ඇති බව පෙනේ. බලයෙන් උන්මත්තක වී සිටින ඔබගේ පාලනය ඒ බලය විසින්ම විනාශ කරනු ඇත.
ඒ නිසා ගෝඨාභයට මම දෙන උපදෙස වන්නේ, රටම අසීරුවෙන් සිටින මොහොතක මා ඇතුළු පොදු විපක්ෂයේ දේශපාලන නායකයින්ගේ හා සහෘදයින්ගේ ප්රජාතන්ත්රවාදී අයිතීන්ට අත තබා තවදුරටත් ප්රශ්ණ හා අර්බුද උග්ර කර නොගන්නා ලෙසයි.”
– ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා –
The post සතුරා ඉදිරියේ තබා ගෙන විවෘත භුමිය හරහා ගොස් අනතුරට පත් නොවන්න. appeared first on Lanka News Column.

0 Comments