Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනමාධ්‍යවේදීන්ටත් කොවිඩ් එන්නත

ජනමාධ්‍යවේදීන් සඳහා ද කොරෝනා මර්දන එන්නත කඩිනමින් ලබා දෙන්නැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලීමක් කර ඇත.
 
ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කොරෝනා මර්දන කමිටු රැස්වීමේදීය.
 
ජනතාවගේ තොරතුරු අයිතිය ලබා දීමට ඉදිරිපෙළ කණ්ඩායමක් වශයෙන් ඉටු කරන කාර්යභාරය අඛණ්ඩව ඉටු කිරීම සඳහා එන්නත ඔවුන්ට ලබා දීමට යෝජනා කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
 
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලට අනුවමෙරට සිටින මාධ්‍යවේදීන් සංඛ්‍යාව 6000 ක් පමණ වන අතර, ඉන් 1150 දෙනෙකු ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වේ.
 

 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();