වසර ගණනාවන් සිට කෘෂි කර්මාන්තයට සහ පානීය ජල අවශ්‍යතාවය ප්‍රධාන ගැටලුවක් වූ වයඹ පළාතේ ජනතාවට ම ප්‍රශ්නයට ස්ථිරසාර විසදුමක් ලබා දීම සඳහා මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ වයඹ පළාත් මහ ඇල ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සැලසුම් සකස් කෙරිණි. මූලික මහවැලි මහ සැලැස්මෙහි වයඹ පළාතට ජලය ලබා දීම සඳහා සැලසුම් නොතිබුණත් එම ප්‍රදේශවල ජනතාවගේ දැඩි ඉල්ලීම සලකා වයඹ පළාතට මෙම ජල ව්‍යාපෘතිය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නියෝගයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත්වීමෙන් ගරු චමල් රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත තීරණය කල බව මහාමාර්ග ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
මෙම වයඹ ඇලෙහි ඉදිකිරීම් ආරම්භ කරන ස්ථානයේ ස්ථානීය පරීක්ෂාවක් පසුගියදා ගරුතර මහා සංඝරත්නය සමග මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා විසින් සිදුකරන ලදී. මෙම නිරීක්ෂණයේ දී වල් බිහි වී තිබූ සොරොව්ව, මහකිතුල, මහකිරුල සහ මහදඹේ යන පුරාණ වැව් සහිත භූමිය ඇමතිතුමාගේ පරීක්ෂාවට ලක්විය.
වයඹ පළාත් මහ ඇල ව්‍යාපෘතිය යටතේ කි.මී. 88.96ක් දිග ඇල මාර්ගයක් මීටර් 25ක් පමණ උසැති වැව් බැමි සහිත මහකිරුල සහ මහකිතුල ජලාශ දෙකක් සහ කෙටි දිගින් යුත් උමං ජල මාර්ග දෙකක් මගින් ගලේවෙල, පොල්පිතිගම, මහව සහ ඇහැටුවැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආශ්‍රිතව පවතින මහා වාරිමාර්ග 7කට සහ ග්‍රාමීය වැව් 326කට දෙකන්නයේම වගා කිරීම සඳහා ජලය 2024 වර්ෂය වන විට ලබා දීමට අපේක්ෂිතය. මෙම ව්‍යාපෘතිය සඳහා රු. මිලියන 51,729ක් වැය වේ.
මෙම ව්‍යාපෘතිය මගින් පවුල් 40,000ක පමණ ප්‍රතිලාභ ලැබේ. යලමහ යන දෙකන්නයේම හෙක්ටයාර 12,000කට වැඩි ප්‍රමාණයක් මෙම ව්‍යාපෘතිය නිසා අස්වැද්දීමට හැකියාවක් ලැබේ. වයඹ පළාතේ තුළ පවතින වකුගඩු රෝගය සඳහා ද හේතු වන උග්‍ර පානීය ජල ගැටලුවට මෙමගින් පිලියම් ලැබේ. වයඹ ඇල ව්‍යාපෘතිය මගින් ප්‍රදේශයේ ප්‍රධාන ජලාශ සහ කුඩා වැව්වලට ජලය ලැබෙන බැවින් මිරිදිය මත්ස්‍ය වගාව දියුණු වේ. ප්‍රදේශයේ භූගත ජල මට්ටම මෙම නව ඇල ව්‍යාපෘතිය මගින් ඉහල යයි.
මෙම අවස්ථාවට තිහව රතනජෝති හිමියන් ඇතුළු පිරිසක් සහභාගී විය.

from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/3jBiZzd
tribune

0 Comments