Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සතියක් තුළ රිය අනතුරු වලින් මරණ 45 ක්

මෙරට රිය අනතුරු වලින් සිදු වන මරණ සංඛ්‍යාව සීඝ්‍ර ලෙස වර්ධනයක් පෙන්නුම් කරන බව පොලිසිය පවසයි
 
ඒ අනුව පසුගිය ජනවාරි මස 31 වන දින සිට පෙබරවාරි මස 6 වන දින දක්වා වු සතියක කාලය තුළ මෙරට සිදුවු රිය අනතුරුවලින් පුද්ගලයින් 45ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
 
එම කාලය තුළ සිදුව ඇති මුළු රිය අනතුරු සංඛ්‍යාව 403 කි.
 
එමෙන්ම රිය අනතුරුවලින් පුද්ගලයින් 266 දෙනෙක් තුවාල ලබා තිබේ.
 
වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ,  දෛනිකව පුද්ගලයින් 6 - 7 ක් පමණ  සංඛ්‍යාවක් රිය අනතුරුවලින් ජීවිතක්ෂයට පත් වන අතර, පුද්ගලයින් 38 දෙනෙකු පමණ තුවාල ලබන බවය.
 
තවද රිය අනතුරු වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ ගම්පහ, මහනුවර හා කුරුණෑගල දිස්ත්‍රික්කවලිනි
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();