Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්දියාවේ උත්තුරු ප්‍රාන්තයේ වේල්ලක් කැඩී 28ක් මරුට

150කට වැඩිපිරිසක් අතුරුදන්

උතුරු ඉන්දියාවේ උත්තුරු ප්‍රාන්තයේ බිඳී ගිය වේල්ල නිසා මේ වන විට 28 දෙනෙක් මියගොස් ඇති අතර 150කට වැඩිපිරිසක් අතුරුදන් වී ඇතැයි වාර්තා වේ. දැන් කිලෝ මීටර් 8.3ක් දිග උමඟක් ඇතුළත සිර වී සිටින පුද්ගලයන් මුදා ගැනීමට මෙහෙයුමක් දියත් කර ඇත. මෙය තපෝවාන් විෂ්ණුගාද් ජල විදුලි බලාගාරයට ජලය ගෙන යන උමං මාර්ග දෙකෙන් එකක් වේ. කිලෝ මීටර් 3.8ක් දිගැති අනිත් උමං මාර්ගය ජලාශයේ රැස්වෙන අපද්‍රව්‍ය සහ රොන්මඩ ඉවත් කිරීමට භාවිත කරන්නෙකි. අයිස් වතුර නිම්නය දිගේ ගලාගෙන යන විට ඒ සමඟ ඇදී ආ ගල්මුල්වලින් ප්‍රධාන උමං දොරටුව වැසී ගොස් තිබිණි. උත්තර්ඛාන්ද් ප්‍රධාන ඇමැති ත්‍රිවේන්ද්‍ර සිං රාවත් පවසන පරිදි 35කට වැඩි පිරිසක් තවමත් උමං මාර්ගයේ සිර වී සිටිති. ප්‍රධාන ප්‍රවේශය මතුකර ගැනීමට කල් ගතවන බැවින් උමං මාර්ගය දෙසට විදීමක් සිදුකර මුදාගැනීම් සිදු කරන බව ද ඔහු වැඩිදුරටත් කියයි. ජල විදුලි ව්‍යාපෘතිය පිලිසකර කිරීම් අරඹා ඇති අතර 2023 දී නැවත ක්‍රියාත්මක කිරීමට හැකි වෙතැයි විශ්වාස කෙරේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();