
2019 වර්ෂයේ බදවාගත් අභ්‍යාසලාබී උපාධිධාරීන් 14550 ක් වසරක පුහුණුව අවසන් කර ඇති බැවින් ඔවුන් සේවයේ ස්ථිර කරන ලෙස ඉල්ලා පෙබරවාරී 15 වනදා කොළඹදී විරෝධතාවයක් සංවිධානය කිරීම සදහා ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය තීරණය කර ඇත.
2019 දී බඳවාගත් අභ්‍යාසලාභීන් ස්ථිර කිරීමට අධාල කැබිනට් පත්‍රිකාව මේ වන තෙක් ඉදිරිපත් කර නොමැති බවද ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්යස්ථානය පවසයි. අභ්‍යාසලාභී උපාධිධාරීන් දැනට වසරක පුහුණුව අවසන් කර මාස ගණනාවක් ගතවී ඇති අතර නියමිත ක්‍රමවේදය අනුව වසරකින් ස්ථිර කළ යුතු බවත් ආණ්ඩුව දිගින් දිගටම එය මග හරිමින් සිටින බවත් එම මධ්‍යස්ථානයේ ධම්මික මුණසිංහ පවසයි.
මෙයට විරෝධය දක්වමින් පසුගිය මාස කිහිපය පුරාවටම රටපුරා විරෝධතා ව්‍යාපාර පැවතිණි. පසුගිය සැප්තැම්බර් 14 වනදා මේ සම්බන්දයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට කටයුතු කර තිබිණි. එමෙන්ම තවද මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ නිලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වුවද මේ වන තෙක් මෙම අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීමට කටයුතු කර නොමැති බව එම මධ්‍යස්ථානය පවසයි.
පසුගිය 25 වන දා සිට මේ දක්වා රටපුරා සිටින අභ්‍යාසලාභී උපාධිධාරීන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ධම්මික මුණසිංහ ඇතුළු පිරිස විසින් කටයුතු කරමින් සිටින අතර ඉන් අනතුරුව කොළඹදී දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු මේ වන විටත් සූදානම්කර ඇත.
මේ පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහන් පිළිබද රූප රාමු පෙළක් පහතින් දක්වා ඇත. මේ පිළිබද වැඩිදුර තොරතරු ඉදිරියේදී වාර්තා කිරීමට බලාපොරොත්තු වන අතර මෙවර විරෝධතා උද්ඝෝෂණය විසදුමකින් තොරව අවසන් නොකරන බවද ධම්මික මුණසිංහ පවසයි.
…ගමගේ…
The post බැක්ඩේට් කොට ස්ථිර කරනු! රට වටෙන්ම අභ්‍යාසලාභී උපාධිධාරීන් 15 කොළඹට. appeared first on Lanka News Column.
0 Comments