පස්බාගේ කෝරළේ සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය වෙස්ට්හොල් දමිල මහා විද්‍යාලයේ පාසල් සිසුන් 06 දෙනෙකුට සහ ඔහුන්ගේ ආශ්‍රිතයන් 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (13) දින තහවුරු වු බව එම සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලය පවසයි.
ඉකුත් 09 දින එම පාසලෙන් සිසු සිසුවියන් 15 දෙනෙකුට සහ එක් ගුරුවරියකට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා එම අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් වු එම විදුහලේ 7 සහ 9 වසර වල පාසල් සිසුන් , ගුරුවරුන් සහ ආශ්‍රිතයන් 32 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර පාසල තාවකාලිකව වසා දමා සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තාව අනුව ඉන් 12 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වු බවට තහවුරු වු බව එම කාර්යාලය වැඩිදරටත් පවසයි.
The post පාසල් සිසුන් 06 දෙනෙකුට සහ ඔහුන්ගේ ආශ්‍රිතයන් 06 දෙනෙකුට කොවිඩ්. appeared first on Lanka News Column.
0 Comments