Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ටීවී එකේ දැකල සෙට් කර ගත්ත ටටියානා සහ රෝහිත රාජපක්ෂගේ ආදර කතාව [PHOTOS ] | Rohitha Rajapaksa & Tatyana's Gossip Love Story

කතා කළාට ආඩම්බරකම් පෙන්න පෙන්න හිටියා. 
හෙණ ගේමක් දීලා තමයි සෙට් කර ගත්තේ

රාජපක්ෂ පවුල කියන්නේ ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ පවුලක්, මොකද ඒ පවුලේ තාත්තාලා පුතාලා ඔක්කොම වත්මන් දේශපාලනයේ සක්‍රීය සාමාජිකයන්. රාජපක්ෂ රුක්ෂයේ මුදුන්මුල බඳු මහින්ද රාජපක්ෂ කියන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දෙවතාවක් ජනාදිපති කම දැරූ පුද්ගලයෙක්, ඉතින් මහින්ද රාජපක්ෂගේ බාලම පුතා තමයි රෝහිත රාජපක්ෂ කියන්නේ ආදරේට හැමෝම ඔහුට කියන්නේ ‘චිචී’ කියලා. 

මහින්ද රාජපක්ෂ පවුලෙ අනෙක් දරුවන්ට විවිධ චොදනා තිබුනත් චිචී කියන්නෙ පවුලෙ හිතහොද අහිංසකය කියල තමයි කවුරුත් කියන්නෙ

චිචීගේ බිරිද තමයි ටටියානා ලී කියන්නේ. රෝහිත මුලින්ම ටටියානව දකින්නේ ජිම් එකේදිලු. ඒ සන්ලයිට් දැන්වීමකින් කියල තමයි රෝහිත කියල තිබුනෙ. ඒ මෙන්න මේ විදියටයි

මං එයාව මුලින්ම දැක්කේ නම් ජිම් එකේ සෙල්ලම් කර කර ඉද්දී. ටීවී එකේ එයාගේ කමර්ෂල් එකක් විකාශය වුණා. ඒක තමා එයාව මුලින්ම දැක්ක අවස්ථාව ඊට පස්සේ අවුරුදු 2ක් තිස්සේ හොයලා හොයලා තමයි හම්බ වුණේ.

ඊට පස්සේ ආයේ අවුරුදු දෙකක් විතර අපි හොඳ යාළුවෝ වගේ ආශ‍්‍රය කළා පස්සේ මං එයාට ආදරෙයි කිව්වත් එයා එක පාර කැමැති වුණේ නැහැ. කතා කළාට ආඩම්බරකම් පෙන්න පෙන්න හිටියා. හෙණ ගේමක් දීලා තමයි සෙට් කර ගත්තේ.’

ටටියානා රෝහිත ගැන කියල තිබුනෙ මෙන්න මේ විදියටයි.....

‘ඇත්තටම මට එයාව අඳුන්නලා දුන්නේ අපි දෙන්නාගෙම යාළුවෙක්. එහෙම අඳුරගත්තත් මං එයා එක්ක වැඩිය කතා කළේ නැහැ ඒ දවස්වල. පස්සේ අවුරුද්දක් දෙකක් යද්දී අපි හොඳ යාළුවෝ වුණා. අපේ එදිනෙදා වෙන දේවල් ප‍්‍රශ්න ගැන කතා කරද්දී එයා මට ළඟම සහෝදරයෙක් වගේ වුණා. ඒත් මං කවදාවත් හිතුවේ නැහැ අපේ යාළුකම ආදර සම්බන්ධයකට පරිවර්තනය වෙයි කියලා. සමහර වෙලාවට එයා මාව එයාගේ පුංචි නංගි කියලා කට්ටිය අදුන්නලා දුන්න අවස්ථා තිබුණා.
මං මුලින්ම අකැමැති වුණා. ඇත්තම අපි ඒ වෙලාවේ ෆෝන්වලින් කතා කර කර හිටියේ. එයා එක පාර මට කැමැතියි කිව්වම මට මොනවද හිතන්න ඕනි කියලවත් හිතාගන්න බැරි වුණා. මං කොච්චර බය වුණාද කියලා කියනවා නම් ඇඳේ දිගා වෙලා උන්නු මං එක පාර ෆෝන් එකත් ඔෆ් කරලා ඇද උඩ ඉඳගත්තා. ඒ වෙලාවේ මට ඒක ලොකු කම්පනයක් වගේ වුණා.

ඔව්. එයා අනිත් පිරිමි ළමයින් වගේ හරිම සාමාන්‍ය කෙනෙක් වගේ හැසිරුණේ. ඉතින් මට එයාව දැනුණෙත් සාමාන්‍ය කෙනෙක් වගේ. ඒ වගේම එයා ගොඩක් අවංකයි. එයාට බොරු කියන්න බැහැ.’ යනුවෙනි.

ආදරේ කරන කාලෙ මෙහෙම කිවුව ඔවුන් දැන් විවාහ වෙලා දැරසුරතල් බලනව.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();