අද (18) දිනයේ සිට දුර ගමන් සේවා දුම්රිය ධාවනය යළි ආරම්භ කරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
ඒ අනුව ප්‍රධාන මාර්ගයේ, මුහුදුබඩ මාර්ගයේ සහ උතුරු මාර්ගයේ දුර ගමන් සේවා ධාවනය අද සිට සිදුකෙරේ.
උතුරු මාර්ගයේ ගල්කිස්ස සහ කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා යාල්දේවි ශීඝ්‍රගාමී දුම්රියත්, කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා උදයදේවි ශීඝ්‍රගාමී දුම්රියත්, කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා පොඩි මැණිකේ ශීඝ්‍රගාමී දුම්රියත්, මරදානේ සිට බෙලිඅත්ත දක්වා දක්ෂිණ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියත් අද දිනයේ සිට ධාවනය ආරම්භ කරයි.
කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියත් සමග පසුගිය වසරේදී සීමා කෙරුණු දුර ගමන් සේවා දුම්රිය ධාවනය මෙලෙස යළි ආරම්භ කෙරෙන්නේ මාස ගණනාවකින් පසුවය.

0 Comments