Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කතා කරන්න ඉඩදියව්.

2019 උසස්පෙළ කඩඉම් ලකුණු ගැටලුවෙන් අසාධාරණයට පත් සිසුන් වහා සරසවි වලට බඳවා ගැනීමට බල කරමින් නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු-ජන ව්‍යාපාරය විසින් අඛණ්ඩ අරගලයක නිරත වූ අතර ඊට විසඳුම් ලබා දීමට ආණ්ඩුව අපොහොසත් වී ඇත. අවස්ථා ගණනාවකදී, අධ්‍යාපන අමාත්‍යංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ජනාධිපති ලේකම් කාර්යාලය සමඟ සාකච්චා කළද විසඳුම් නොලැබුණු අතර දිස්ත්‍රික් මට්ටමේ විරෝධතා පවා අවස්ථා ගණනාවකදී සිදු කර ඇත.

මෙම පසුබිම තුල 2020.01.12 දින නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු-ජන ව්‍යාපාරය විසින් මෙම ගැටලුවට විසඳුම් ඉල්ලා අගමැති නිල නිවස ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ අතර එහිදී අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධා කරමින් අ.වි.ශි.බ.ම. කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමියන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගන්නා ලදී.

පසුව විරෝධතාවයේ නිරත පිරිස් එම ස්ථානයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කිරීමත් සමග කරකියාගත නොහැකි වූ පොලීසිය ජිනරතන හිමියන් නැවතත් එම ස්තානයටම ගෙනවිත් බැස්ස වීමට කටයුතුකර තිබුණි.

මෙය විරෝධතා දැක්වීමට, අදහස් ප්‍රකාශ කිරීමට ජනතාවට ඇති අයිතිය ආණ්ඩුවේ මිලිටරි බලය යොදා මර්දනය කිරීමක් බැවින් 2021.01.13 දින ඒකාබද්ධ මාධ්‍ය සාකච්චාවක් පවත්වමින් පාර්ශව ගණනාවක් ආණ්ඩුවේ මෙම මර්දනකාරී ක්‍රියාවලියට විරෝධය පළ කළේය. ඒ සදහා පහත සදහන් සංවිධාන සහභාගී වී සිටියහ.

ලංකා වෙළඳ කාර්මික පොදු කම්කරු සංගමය(CMU).

ලංකා ගුරු සංගමය.

කම්කරු අරගල මධ්‍යස්ථානය .

ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් – කොළඹ විශ්වවිද්‍යාලය.

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න – ප්‍රවීණ කිවි, සාහිත්‍ය විචාරක.

ඒකාබද්ධ ගුරු සේවා සංගමය.

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය.

ස්වාධීන ලංකා ගුරු සංගමය යන සංවිධාන.

 

The post කතා කරන්න ඉඩදියව්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();