ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතාව පසුගිය 15 වන දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කරන ලදි.
ඒ අනුව, අභිනව නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා අද (16) උදෑසන නාවික හමුදා මූලස්ථානයේ මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී ආගමික වතාවත් වලින් අනතුරුව පැවති චාම් උත්සවයකින් පසු නව ධූරයේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කළේය.
එම අවස්ථාව සඳහා එතුමන්ගේ දයාබර බිරිඳ, කුමාරි වීරසිංහ මැතිණිය, හසරු වීරසිංහ සහ චමත් වීරසිංහ යන පුතුන් දෙදෙනාද සහභාගි වී සිටියහ.

0 Comments