බලංගොඩ සහ ඇඹිලිපිටිය නගර සභාවල සභාපතිවරුන්ගේ සේවය අත්හිටුවා තිබේ.
ඒ අනුව එහි බලතල උප සභාපතිවරුන්ට පවරමින් සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇත.
ඒ අනුව ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති ලලිත් ධර්මකීර්ති සහ බලංගොඩ නගර සභාවේ සභාපති චමික ජයමිණි විමලසේන යන අය අදාළ ධුරවලින් ඉවත් කරඇති අතර එහි කටයුතු හා බලතල ක්‍රියාත්මක කිරීම සඳහා උප සභාපතිවරුන් පත් කිරීමට ආණ්ඩුකාරවරයා පියවර ගෙන ඇති බව වාර්තා වේ.
අදාළ සභාපතිවරුන් දෙදෙනා නගර සභා අඥාපනත යටතේ දැක්වෙන වරද සිදුකර ඇත්ද යන්න පිළිබද විමර්ශන සිදුකිරීම සඳහා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරුවරයෙකු ද පත්කර ඇති අතර මාස තුනක කාලයක් තුළ එම විමර්ශනයේ වාර්තාව තමා වෙත ලබාදිය යුතු බවද ආණ්ඩුකාරවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

0 Comments