Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්දුනීසියානු ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගැනේ

 පසුගිය සතියේ අනතුරට ලක්වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ කළු පෙට්ටිය නාවික කිමිදුම්කරුවන් විසින් සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
 
කෙසේවෙතත් නියමු කුටියේ කටහඬ පටිගත යන්ත්‍රය මේ දක්වා හමුවී නොමැති බව සදහන්වේ.
 
ශ්‍රී විජය එයාර් ගුවන් සේවයට අයත් මෙම යානය පසුගියදා මුහුදුට කඩා වැටීමෙන් එහි ගමන්ගත් 62දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇතැයි මේවන විට විශ්වාස කෙරේ.
 
ගුවන් යානය ජකර්තා නුවර සිට ගුවන් ගත වී මිනිත්තු හතරකට පසු අනතුරට පත්වූයේ ඇයිද යන්න තේරුම් ගැනීමට මෙම “කළු පෙට්ටියේ” පියාසැරි දත්ත රෙකෝඩරය ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම තුළින් අනාවරණය කර ගත හැකි බව විශ්වාස කෙරේ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();