Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරෝනා ආසාදිතයෝ රුසියාව සිව් වැනි තැනට ගෙන එති

රුසියානුවන්ගෙන්  සියයට 60කට  එන්නත එපාලු !

කොරෝනා රෝගීන් 3,568,209ක් සිටින රුසියාව ලොව කොරෝනා ආසාදිතයන් අතින් සිව් වැනි ස්ථානයේ පසුවෙයි.

එරට සමස්ත මරණ ගණන 65,566කි. කොරෝනා වැලැඳී සුවය ලැබූ රුසියානුවන්ගේ ගණන 2,960,431ක් වන අතර, වර්තමානය වන විට එරට කොවිඩ් රෝගයෙන් පීඩා විඳින ප්‍රමාණය 542,212ක් වේ. මේ තොරතුරු ලබා ගැනීමට එරට විසින් පීසීආර් පරීක්ෂණ 96,600,000ක් සිදු කර ඇත. එනම් එරට ජනගහනයෙන් මිලියන එකකට පරීක්ෂණ 661,786ක් බැඟින් සිදු කර ඇත. මේ දත්ත පෙන්නුම් කරන රුසියාවේ සමස්ත ජනගහනය කෝටි 14.6කට ආසන්න වේ.

අප්‍රේල් මාසයේ මැද භාගය වන තෙක් අඩු වර්ධන වේගයක් පෙන්වූ රුසියාවේ කොවිඩ් ආසාදිතයන් ගණන එයින් පසු මධ්‍ය වේගයකින් වර්ධනය වන්නට විය. ඔක්තෝබර් මුල් භාගය වන විට එරට කොවිඩ් ආසාදිතයන් ගණන වර්ධනය වීමේ වේගය වේගවත් වූ අතර වර්මානය වන තෙක් එහි අඩු වීමක් පෙන්නුම් කළේ නැත. දෙසැම්බර් 24 වැනිදා නව ආසාදන 29,935ක් වාර්තා වීම එරට එක් දිනක දී වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් ගණනයි. ජනවාරි 16 වැනිදා එරටින් අලුතෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 24,715ක් තරම් ඉහළ මට්ටමක පැවැතිණි.

කොරෝනා වයිරසයට එරෙහිව ඉතා සාර්ථක එන්නත් ස්පුට්නික් ෆයිව් සහ එපිවැක්කොරෝනා රුසියාව සොයා ගත් අතර, එය ඉතා අවම මිලකට ලබා ගත හැකි බව ද ආරම්භයේ දී නිවේදනය කර තිබිණි. එහි සුරක්ෂිතභාවය පෙන්නුම් කිරීම සඳහා ජනාධිපති පුටින් තම දියණියකට ද එම එන්නත ලබා දුන්නේය. කෙසේ වෙතත් සියයට 95ක් තරම් සාර්ථක ප්‍රතිඵල ලැබෙන බව පැවැසූ මේ එන්නත කෙරෙහි බටහිර මාධ්‍ය මතු කළේ සැකමුසු ආකල්පයකි. බටහිර විවේචකයන් ප්‍රකාශ කරන්නේ ප්‍රවාහන දුෂ්කරතා සහ නිෂ්පාදන ගැටලු නිසා මේ එන්නත සුලබව ලබා ගැනීමට නොහැකි වී ඇති බවයි.

රුසියානුවන්ගෙන් සියයට 60ක් එන්නත් ලබා ගැනීමට අකමැත්තක් පළ කරන බව සුපර්ජොබ්ඩොට්ආර්යූ නම් වෙබ් අඩවියක් පවසයි. රුසියාවේ වැඩිදියුණු කරන ලද ස්පුට්නික් ෆයිව් එන්නත් මිලියන 2.6ක් ලබාගෙන තම රටේ කොරෝනා එන්නත් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බොලීවියානු ජනාධිපති ලුවිස් ආර්ක් සූදානමින් සිටියි. රුසියාවේ අලුතෙන් රෝගය වැළඳෙන පිරිස සහ රෝගයෙන් සුවය ලබන පිරිස අතර ඇත්තේ සමතුලිත තත්ත්වයකි. රෝගයෙන් සුවය ලැබීමේ අනුපාතය සියයට 97.83ක මට්ටමේ පවතින අතර, රෝගයෙන් මරණයට පත්වීම් සියයට 2.17ක මට්ටමේ පවතියි.

බුද්ධි කරුණාරත්න

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();