Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආණ්ඩුවේ ප්‍රසූති නිවාඩු කප්පාදුවට එරෙහි සටන ජයගනී.

No description available.

අලූතින් බදවා ගන්නා ලද අභ්‍යාසලාභී උපාධිධාරීන්ට අදාළ ප්‍රසූත නිවාඩු වැඩකරන දින 42කින් කප්පාදු කිරීමට එරෙහිව අප වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා කාන්තා සංවිධාන එක්ව අරගලයක් ඇරඹුවෙමු. සැප්තැම්බර් 2 පත්වීම් ලබාදුන් අතර සැප්තැම්බර් 7 දින ප්‍රසූත නිවාඩු කප්පාදුවට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. අනතුරුව සියලූ සංවිධාන විවිධ විරෝධතා ක්‍රියාමාර්ග ගන්නා ලද අතර මේ පිළිබද ජාත්යන්තර කම්කරු සංවිධානය පවා දැනුවත් කරන ලදී.

මේ අතර රාජ්ය සේවා, පළාත් සභා හා පලාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් ඇමතිවරයා විසින් 2020 දෙසැම්බර් 24 දින අමාත්‍යංශ ලේකම් වෙත ලිපියක් හොමු කරමින් උපාධිධාරී/ ඩිප්ලෝමාධාරී අභ්‍යාසලාභීන් වෙත ප්‍රසූත නිවාඩු ලබාදීම මැයෙන ලිපියක් යොමු කරමින් එකී අභ්‍යාසලාභීන්ට වැඩකරන දින 84ක වැටුප් සහිත ප්‍රසූත නිවාඩු ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව සකසන ලෙස ඉල්ලා ඇත. ඉතා ඉක්මනින් අදාළ කැබිනට් පත්‍රිකාව සකසන ලෙසත් එතෙක් බදවාගත් අභ්‍යාසලාභී උපාධිධාරිනියන්ට වැඩකරන දින 84ක ප්‍රසූත නිවාඩු කාලය ලබාදෙන ලෙසත් අප අමාත්‍යංශ ලේකම්ගෙන් ඉල්ලා සිටිමු.

ධම්මික මුණසිංහ.

ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්යස්ථානය.

 

The post ආණ්ඩුවේ ප්‍රසූති නිවාඩු කප්පාදුවට එරෙහි සටන ජයගනී. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();