
”ගෝටාබය රාජපක්ෂ මහතාට 69 ලක්ෂයක් ඡන්දේ දුන්නේ දේශප්‍රේමී ආණ්ඩුවක් ගේන්න. අපි මේ මාධ්‍ය සාකච්ඡාවෙදි කියනවා ඒ 69 ලක්ෂයට වෙච්ච පොරෝන්දුව ඉටුකරන්න කියලා. මොන දේ කිව්වත් මේ වෙන්නේ විකිණීම තමයි. එහෙනම් ඇයි මේ ඉන්දියාව, ඇමෙරිකාව, චීනය පවා අපිට ඉව අල්ලන්නේ. වෙන කිසිවක් නිසා නෙවෙයි ආර්ථික උපාය මාර්ගයක් ලෙස අපේ පිහිටීම නිසා”
ජාතික විද්වත් සංවිධානයේ නීතිඥ හර්ෂණ නානායක්කාර.
” අපි සතුව තිබෙන සම්පතක් වෙනත් කෙනෙකුට යනවා නම්, ඒක බද්දක් විදියටද, සින්නක්කරද මොනවගේ ප්‍රතිශතයක්ද කියන කාරනවා වැදගත් වෙන්නේ නෑ. අවසානෙදී ප්‍රතිලාභ යන්නේ ඒ අයට. මේ ගොල්ලෝ කියනවා 51% අපිට අදානි සමාගමට දෙන්නේ 49% විතරයි එයාලට මොනවත් කරන්න බෑ කියලා. ඒක පට්ටපල් බොරුවක්. සමහර තත්වයන් තියෙනවා 10% කොටස් තියාගෙන ඒ සමාගම් පාලනය කරන. මේ ගොල්ලෝ කියනවා මේක ආයෝජනයක් කියලා. ආයෝජනයක් කියලා හිමිකාරීත්වය දෙනවානම් ඒක විකිණීමක් තමයි.”
ජාතික විද්වත් සංවිධානයේ ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සභාපති, ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු.
ආර්ථික උපායමාර්ගයක්, ධන උල්පතක් වන කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකිණීම කිරිදෙන අම්මගේ පියයුරු කපලා විකිණීමකට සමාන ම්ලේඡ්ඡ වැඩක් බව ජාතික විද්වත් සංවිධනය පවසයි.
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට විකිණීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට විරෝධය පළකිරීම සඳහා ජාතික විද්වත් සංවිධානය ඊයේ (17) මරදාන සමාජ හා සමයික කෙන්ද්‍රයේදී කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් එම සංවිධානයේ සමාජිකයන් මෙම අදහස් පළකළ අතර ආර්ථික උපායමාර්ගයක්, ධන උල්පතක් වන කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකිණීම කිරිදෙන අම්මගේ පියයුරු කපලා විකිණීමකට සමාන ම්ලේඡ්ඡ වැඩක් බව ද ඔවුන් වැඩිදරටත් පැවසීය.
The post ජනාධිපති මේ කරන්න හදන්නේ කිරිදෙන අම්මගේ පියයුරු කපලා විකිණීමක්. appeared first on Lanka News Column.

0 Comments