Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිරෝධායන නීති නොතකා සාදයක් පැවැත්වූ පිරිසකට නඩු!

නිරෝධායන නීති උල්ලංඝනය වන ආකාරයට සාදයක් පැවැත්වූ පුද්ගලයින් 54 දෙනෙකු ඊයේ (17) සවස 3.00ට පමණ මැදිරිගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අතර තරුණයන් 39 දෙනෙකු, තරුණියන් 13 දෙනෙකු, හෝටලයක හිමිකරු සහ කළමනාකරුවෙකු වේ.

අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයන් අතරින් 38 දෙනෙකු එම ස්ථානයේදී ම ඇප මත මුදා හැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

ඒ අතර සිටි පිරිමි පුද්ගලයන් තිදෙනෙකු සන්තකයේ ගංජා තිබී සොයාගෙන ඇති අතර ඔවුන් තිදෙනා අද (18) හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අත්අඩංගුවට ගත් සියලු දෙනාට හෙට (19) දිනයේ නිරෝධායන නීති යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

තව ද සාද, රැස්වීම් ආදිය පැවැත්වීමේදී ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දී එම උපදෙස් පරිදි කටයුතු කළ යුතු බව අජිත් රෝහණ මහතා අවධාරණය කළේ ය.



from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/2LY3cxN
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();