ඇමෙරිකාව තවදුරටත් එල්.ටී.ටී.ඊ. සංවිධානය විදෙස් ත්‍රස්ත සංවිධාන ලැයිස්තුවේ ම තබාගැනීමට තීරණය කර ඇති බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව, එල්.ටී.ටී.ඊ. යට එරෙහිව තහනම ඇමෙරිකාව තුළ දිගට ම බලපැවැත්වේ.
සිය ‘විදෙස් ත්‍රස්ත සංවිධාන’ ලැයිස්තුව සංශෝධනය කිරීමට පසුගියදා කටයුතු කළ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම පියවර ගෙන තිබේ. 1997 අගෝස්තු 10 වන දා සිට ම එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇමෙරිකාවේ විදෙස් ත්‍රස්ත සංවිධානයක් ලෙස ලැයිස්තු ගතවී තිබිණි.
ඇෆ්ගනිස්තානය කේන්ද්‍ර කොටගත් ජිහාඩ් සටන්කාමී සංවිධානයක් වන Lashkar-e-Jhangvi සංවිධානය සහ ඊජිප්තුවේ සිතායි අර්ධද්වීපය කේන්ද්‍ර කොටගත් ISIL Sinai Penisula නමින් හැඳින්වෙන ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායම ද සිය ‘විදෙස් ත්‍රස්ත සංවිධාන’ ලැයිස්තුවට ඇතුළත් කරගැනීමට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ අතර කටයුතු කර ඇත.
ඇමෙරිකාව මෙම පියවර ගෙන ඇත්තේ යුද අපරාධ ගැන සෙවීමට සුදුසු යාන්ත්‍රණයක් පිහිටුවන්නැයි දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ හා සංවිධාන 11ක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලීමක් කර ඇති පසුබිමක වීම ද විශේෂයකි.
from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/3sz839x
tribune

0 Comments