ගුරු හිඟය පවතින පාසල්වල ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණ වැනි විෂයයන් ඉගැන්වීම සඳහා ගුවන් හමුදා සාමාජිකයන් යෙදවීමට හැකි බවට ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ කළ යෝජනාවට අධ්‍යාපන අමාත්‍යාංශය එකඟතාව පළ කර ඇත.
ප්‍රථමයෙන්ම වව්නියාව ආශ්‍රිත දුෂ්කර පාසල් දරුවන්ට ඉහත විෂයයන් ඉගැන්වීම සඳහා ගුවන් හමුදාව යෙදවීමට නියමිත ය. සෙසු ප්‍රදේශවල දුෂ්කර පාසල් සඳහා ද ගුවන් හමුදා සාමාජිකයන් යොදවා දරුවන්ට ඉගැන්වීම කෙරෙහි ද අවධානය යොමු කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ‘අරුණ’ට ඊයේ (31 වැනිදා) පැවසීය.
නිලන්ත මදුරාවල
from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/3n4dVDN
tribune

0 Comments